එළවළු හා පළතුරු මිළ පාලනයට රජයෙන් පියවර

Published in පුවත්
Tuesday, 15 December 2020 20:41

එළවළු හා පළතුරු මිල අසාධාරණ ලෙස ඉහළ යාම පාලනය කිරීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ඊට සම්බන්ධ සියලු ආයතනවලට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව ගොවින්ගෙන් මිලට ගන්නා නිෂ්පාදන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වැඩපිළිවෙලක් ඔස්සේ වෙළෙඳුන්ට ලබාදීමට සැලසුම්කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ විසින් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ දී වෙළෙඳ අංශ සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් මිලට ගන්නා නිෂ්පාදන රජය මඟින් සුරක්ෂිත ඇසුරුම්වල බහා අදාළ ආර්ථික මධ්‍යස්ථානවල වෙළෙඳුන්ට සාධාරණ මිලට අලෙවියට ලබාදීමට මෙහිදී එකඟතාව පළවු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එසේම එම වෙළඳුන් ඉතා සාධාරණ මිල පරතරයක් සහිතව පාරිභෝගිකයාට අදාළ නිෂ්පාදන අලෙවි කිරීමද ඊට අදාළ මිල ගණන් ප්‍රදර්ශනය කිරීමද අනිවාර්යය වන බවයි සදහන් වන්නේ.
එමෙන්ම ප්‍රධාන සහල් නිෂ්පාදකයන්, ධීවර සංස්ථාව, මස් හා බිත්තර වෙළෙඳුන් ද ආර්ථික මධ්‍යස්ථානවලට යෙදවීමට තීරණය කරඇති අතර පාලන මිලට එම වෙළෙඳාම් සිදුකිරීමට අදාළ චක්‍රලේඛ නිකුත්කොට මිල ගණන් ප්‍රදර්ශනය කිරීමට ද සැලසුම් කර ඇති බව වාර්තාවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us