පොදු ප්‍රවාහනයේදී අසුන් ප්‍රමාණයට පමණක් මගීන්. නීති දැඩිවේ.

Published in පුවත්
Tuesday, 15 December 2020 20:48

පොදු ප්‍රවාහන සේවා වලින් මගීන් ප්‍රවාහනය කිරීමේදී සැලකිලිමත්විය යුතු උපදෙස් ඇතුළත් නිර්ණායක කිහිපයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

ඒ අනුව, පොදු ප්‍රවාහනයේදී අසුන් ප්‍රමාණයට පමණක් මගීන් රැගෙන යාම අනිවාර්ය කර ඇති අතර කිසිදු මගියෙකුට සිටගෙන ගමන් කළ නොහැකි බවයි එහි සඳහන් වන්නේ. එලෙස කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු බව ද අදාළ නිර්ණායකවල ඇතුළත්.
එසේම පවතින අර්බුදය හේතුවෙන් බස්නාහිර පළාතේ රැඳී සිටින පුද්ගලයින් හැකිතාක් සංචරණ කටයුතු සීමාකරන ලෙස ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ බස්නාහිර පළාතේ කොවිඩ් රෝගීන් බහුල ලෙස හමුවීමත් සමග බස්නාහිර පළාත දැඩි අවදානමක පවතින බවයි ඔහු සදහන් කරන්නේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us