නන්දසේන ගෝඨාභය වලංගු ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන බැවින්, ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකය තහනම් කරන ලෙස ඉල්ලා පසුගිය සිකුරාදා (27) අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර ඇත. සිවිල් සමාජ ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

හබරණ, හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේදී අභිරහස් ලෙස මිය ගිය ඇතින්නියන් හත් දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට හැකි වූ බව වනජීවී නිලධාරීහු සඳහන් කර සිටින නමුත් මියගොස් ඇත්තේ කවර හේතුවක් නිසාද යන්න මෙතෙක් හෙළි කර ගැනීමට හැකිව නැත.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තිරසාර ප්‍රතිපත්තියක් වැඩපිලිවෙලක් සහ ඒ සඳහා හැකියාවක් ඇත්තේ තමන්ට බවට නන්දොඩවමින් සිටින් නන්දසෙන ගොඨාභය සහ ඔහුගේ අනුගාමිකයන්ට රාජ්‍ය බයල අත්පත් කර ගැනීමට හැකිවුවහොත් ජාතික ආරක්ෂාවට සිදුවන්නෙ කුමක්ද යන්න ඊයේ රත්‍රියේදී කිරින්ද පුහුල්වැල්ලේදි ප්‍රදර්ශනය කරන ලදී.

ඉදිරි ජනාධිපතිවරණයේ තීරණය කුමක්ද යන්න දැන් විසැඳී අවසන්ය. එසේ කියන්න අපි ඉක්මන්වන්නේ යැයි කිසිවකුට ගැටළුවක් තිබිය හැකි නමුත් ඒ සම්බන්ධයෙන් අපට දෙගිඩියාවක් නැත. මන්ද පොදු මහජනතාවගේ ජයග්‍රහණය මේවන විට තීරණය වී ඇති නිසාය.

එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂකයා ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස නම් කිරීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ එකඟත්වය ලබා දී ඇතැයි වාර්තා වේ.සමාජ මාධ්‍ය වල පළවූ ලෙස කොන්දේසිවලට යටත්වීමක් මෙහිදී සිදු නොවූ බවද පැවසේ.

සජිත් ප්‍රේමදාස සමඟ එක්ව පක්ෂයෙන් ඈත්වු ජයග්‍රහණය හෙට දිනයේ යළි තිර කිරීමට සියලු ශක්තිය උපරිමයෙන් යොදවන බවටත් තමන් කෙරෙහි තැබූ විශ්වාසයට උපරිම සාධාරණත්වය ඉටු කරන බවටත් එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ප්‍රතිඥාවක් දෙමින් නිවේදනයක් නිකුත්කර තිබේ.

උතුරු නැගෙනහිර දෙමළ සටන්කාමීන් ගෙන ගිය සන්නද්ධ අරගලය පොඩිපටම් කිරීම සඳහා රජය විසින් ගෙන ගිය මර්දනකාරී මෙහෙයුම වෙනුවෙන් ආරක්ෂක අංශ සෙබලා 'රණ විරුවා' ලෙස භෞතීස්ම කිරීම කරන ලදී.. ජාතියේම (සිංහල) ගරුබුහුමනට පුජනීයත්වයට රණවිරුවාව පත්කිරීම කරන ලදී.

යුධ තත්ත්වය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ සියලු සාමාජිකයන් හට තමන් විශ්‍රාම ගිය පසුව ද ඔවුන්ගේ අවසන් වරට ලැබූ වැටුපට ම සමාන විශ්‍රාම වැටුපක් ඔවුන් ජීවත්ව සිටින කාත් කල් ලබා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගොඨාභයට මෙවර ජනාධිපතිවරණයේදී තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි වාතාවරණයක් උදා වී තිබේ. 2017 සිට 2019 දක්වා කාලය තුල ඔහු ඡන්ද දායකයකු වශයෙන් ලියාපදිංචි වී ඇත්තේ හොර හැඳුම්පතකින් බව හෙළිදරව් වීම නිසා ඔහුට නීත්‍යානුකූලව සිය ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාවක් නැත.

පක්‍ෂයෙන් ඈත්වූ සියලු දෙනාට රට ගොඩනැගීමේ වැඩසටහනට යළි තමා සමඟ එක්වන ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

Connet With Us