එජාපෙ පාර්ශ්ව දෙක සමඟි සන්ධානයකට, කරූගේ සාකච්ඡා සාර්ථකයි Featured

Published in පුවත්
Sunday, 22 September 2019 09:41

එජාපයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ ගැටළුව නිරාකරණය කර ගැනීම වෙනුවෙන් අද උදේ 10.30 ට එජාප නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස,කතානායක කරු ජයසුරිය සහ උප නායක රවී කරුණානායක අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේදී පැවැත් වීමට නියමිතය.

ඊයේ රාත්‍රියේ කරූ ජයසූරිය මෙම පාර්ශ්ව දෙකෙහි නියෝජිතයන් අතර කෙරුණු සාකච්ඡා අනුව අද උදෑසන මෙම සාකච්ඡාවට දෙපාර්ශ්වය එකඟ වී තිබේ. ඊයේ රාත්‍රි පැවැති සාකච්ඡාව සඳහා සජිත් සහ රවී දෙදෙනාද සහභාගී වී තිබේ.

එජාපය පාර්ශ්ව දෙකට බේදී ජනාධිපතිවරණයට තරග කළ හොත් එකදු පාර්ශ්වයකටවත් ජය ගැනිමට නොහැකි බවත් කරූ ජයසූරිය මෙහිදී පෙන්වා දී ඇත. එසේම ජනාධිපති අපේක්ෂකයා තීන්දු කිරීමේ තීරණය ගත යුතු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් පත් නොකිරීමටත් සියලු දෙනා එකඟ වී ඇති අතර එහි ඡන්ද විමසීමකට නොගොස් මෙම ගැටළුව විසඳා ගැනීමටත් එකඟතාවයකට පැමිණ තිබේ.

එසේම එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් සමඟ එජාප මහ ලේකම් අඛිල විරාජ් සමඟ ඊයේ පැවැති සාකච්ඡාවේදී ද සාමකාමීව මෙම ගැටලුව විසඳන බවට අඛිල විරාජ් පසුපෙළ මන්ත්‍රීවරුන්ට පොරොන්දු වී තිබේ.

එළඹෙන බදාදා දින එජාප ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න එජාප නායකත්වය විසින් නිලවශයෙන් ප්‍රකාශට පත් කරන බව මීට පෙර වාර්තා වූ අතර සජිත් පාර්ශ්වය ඒ කෙරෙහි වඩාත් සුබවාදී බලාපොරොත්තු තබාගෙන සිටී.

යම් විදිහකින් එජාපයේ අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් සජිත් පාර්ශ්වය සැලසුම් කරගෙන සිටින්නේ එජාපෙ සමඟ හවුල් වී සිටින අනෙක් සියලුම පක්ෂ සමඟ නව දේශපාලන සන්ධානයක් ගොඩ නඟා වෙනම තරග කිරීමට බවත් එම පාර්ශ්වයේ තොරතුරු මාර්ග පවසයි. මේ වන විටත් එම පක්ෂ ඊට එකඟතාවය ලබා දී තිබේ.

Last modified on Sunday, 22 September 2019 10:13

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us