නන්දසේන පන්සල් පල්ලිවල බඩ ගාන්නේ ද මංකොල්ලයකටය

Published in පුවත්
Monday, 23 September 2019 16:10

වරක් වැන්දොත් කරපු පව් සියල්ල අහෝසි වෙනවා කියා කැලණි විහාරය සම්බන්ධයෙන් කතාවක් තිබේ. නන්දසේන ගෝඨාභය තමන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු කැලණි විහාරයෙන් ආරම්බ කර, රට වටේ තිබෙන පන්සල් පල්ලි වල බඩගෑමට තවමත් කරමින් තිබේ. නන්දසේන සම්බන්ධයෙන් තිබෙන ප්‍රධාන චෝදනාව මිනිස් ඝාතන සම්බන්ධයෙනි. ඊට දෙවෙනිව හොරකම් වංචා චෝදනා ගනනාවකි.

කවර ආගම් සම්බන්ධයෙන් වූවත් මේවා පව් වැඩ නැත්නම් පාප කර්මයන්ය. නීතියට අනුව නීති විරෝධී කටයුතුය. නන්දසේන නීතියෙන් තමන්ගේ නිර්දෝශී භාවය ඔපු කිරීමට අසමත්ය. ඒ තබා නීතිය හමුවට පැමිණීම මඟ හැරීමට උත්සුක වේ. ඔහුට එරෙහිව අධිකරණය හමුවේ විභාග වන සෑම චෝදනාවකින්ම ඔහු ගැලවෙන්නට හදන්නේ තමන් නිත්‍යානුකූලව කටයුතු කර ඇති බව ඔප්පු කර නොවේ. වෙනත් කාරනා පදනම් කරගෙනය. ඇවන්ගාර්ඩ් නඩුවෙන් ඔහුට ගැලවීමට හේතු ඇති තරම් තිබෙන බව බැලු බැල්මටම පෙනෙන්ට තිබෙන බව නීතිවේදීන් පෙන්වා දී තිබියදීත් ඔහු එම චෝදනා වලින්ද ගැලවීමට ‍තෝරා ගත්තේ චෝදනා ගොනු කිරීමේ දී වූ තාක්ෂණික දෝශයක් පදනම් කරගෙනය. ඒ ඔහුගේ වරදකාරී හැඟීම නිසා බව පැහැදිලි කාරණයකි.

ඒ කෙසේ නමුත් පන්සල් පල්ලි කෝවිල් දේවස්ථාන වලට නන්දසේන යෑමට බියක් නැත. ඒ වැරදි වරට දඬුවම් ලබා දීමක් ඒවායෙන් සිදු නොවන නිසාම නොව තමන්ට සුද්දවන්තයකු ලෙස පෙනි සිටීමට හැකි පහසු අවස්ථාවක් ලැබෙන නිසාය. කොටින්ම නන්දසේන මෙතැනදී ද කරන්නේ වංචාවෙන් බොරුවෙන් රැවටිල්ලෙන් කරන කොල්ල කෑමකි. ආගම ධර්මය අදහගෙන ඉන්න තැනැත්තා උපාසකයෙක් සුදනෙක් ආගමික භක්තිකයෙක් දෙවියන් බුදුන් අදහන්නෙක් යනාදි වශයෙන් සමාජයේ තිබෙන පිළිගැනීම මංකොල්ල කෑමට මෙහිදි නන්දසේන කටයුතු කරමින් තිබෙන බව පැහැදිලිය.

නන්දසේන ගොඨාබය කියන්නේ භීෂණයේ සලකුණකි. ඔහුගේ නිල බලය පාවිච්චි කරමින් කළ මිනිස් ඝාතන රැසකි. පැහැරගැනීම් අතුරුදන් කිරීම් රැසකි. පහරදීම් රැසකි. තර්ජනය කිරීම රැසකි. හොරකම් වංචා රැසකි. පසුගිය රාජපක්ෂ පවුල් ආණ්ඩු සමයේදී මේ රටේ උතුරද දකුණද වෙනසක් නැතිව බියෙන් සැකයෙන් ජීවත් වූ බව අමතක වෙනට තරම් කාලයක් නොගෙව්නත් ..ඒවා අමතක කරවන්නට දැඩි උත්සාහයක රාජපක්ෂ පාර්ශ්වය යෙදී සිටී. එහෙත් මේවා එහෙම යටපත් කළ නොහැක.

මිනීමරු යක්ෂයකු සුදු පිරුවට ඇන්දාට ඒකෙන් සුසිල්වත් සුපේක්ෂල ශික්ෂාකාමී උපාසකයකු වෙනෙ නැත. අංගුලිමාලව දමනය කළා මිස ඔහු ස්වෙච්චාවෙන් මිනි මැරීම නැවැත් වූවෙක් නොවේ. ආලවකයාව දමනය කළා මිස ඔහු වෙනස්වූවෙකු නොවේ. නාලාගිරියාව දමනය කළා මිස ඒකා ස්වකැමැත්තෙන් හීලෑ වූවෙක් නොවේ. නන්දසේන ගෝඨාභය කියෙනනෙ කාටවත් දමනය කරන්නට හැකි වූයෙක් නොවේ. කිසිවකුත් ඔහුව දමනය කර නැත. එහෙම උත්සහ ගත්තෙකු ගැනද අසන්නට නැත. ඔහු ස්වෙච්ඡාවෙන් කරමින් සිටින්නේ සිය දාමරික කම සඟවාගෙන සිටීම පමණි. ඔහු වටා සිටින මිනීමරුවන් වංචාකාරයන් ජාවාරම්කාරයන් ආදී අපරාධකාරී චෝදනාවලට ලක්වූවන් විසින් නැවත නැවත ඔප්පු කර සිටින්නේ.., මේ රංචුව ගොනුවී සිටින්නේ තමන්ගේ ත්‍රාඩ නායකයා සමඟ බව මිස සිල් ගත්තු උපාසකයකු වටා නොවන බවය.

මේ නිසා නන්දසේන මේ පන්සල් පල්ලි කෝවිල් දේවස්ථාන සොය සොයා ඒවාට රිංගන්නේ කිසිදු සද්භාවයකින් නොවන බව පැහැදිලිය..බලය තිබියදී ඔහු හැසිරුනේ කොහොමද යළි බලය අත්පත් කර ගැනීමෙන් පසුව හැසිරෙන්නේ කොහොමද කියන එක ගැන අමුතුවෙන් කිව යුතු නැත. මෙය පැහැදිලිවම ලංකාවේ සියලු පුරවැසියන් හමුවේ තිබෙන බරපතල අනතුරකි.

නන්දසේනගේ මේ අලුත් කොල්ලකෑම නිවැරැදිව වටහා නොගත්තොත් ඉන් යළි පීඩාවට පත් වන්නේ මේ රටේ පුරවැසියන් වන අපිය.

Last modified on Monday, 23 September 2019 16:16

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us