සිරිසේනගේ කුප්ප කතාවලට රනිල් උත්තර නොදෙන්න තීරණය කරයි

Published in පුවත්
Monday, 23 September 2019 17:28

මින් ඉදිරියට ජනාධිපතිවරයා තමාට විරුද්ධව චෝදනා එල්ල කළහොත්, එසේ එල්ල කරන අවස්ථාවක් අවස්ථාවක් පාසා පිළිතුරු දීමට පුද්ගලිකව මැදිහත් නොවන බවත් චෝදනා තිබේ නම් ඒවා නිසි ස්ථානයන්හි මතුකරන මෙන් මම සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද විශේෂ විශේෂ ප්‍රකාශයක් නිකුත්කරමින් පවසයි.

විශේෂ ප්‍රකාශය

හිටපු අල්ලස් කොමසාරිස් දිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය සම්බන්ධව ජනාධිපතිතුමා මට චෝදනාවන් කර තිබුණා. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවන් පත් කිරීම පිළිබඳව ජනාධිපතිතුමාට නිර්දේශ ඉදිරිපත් කිරීමේ බලය ඇත්තේ අගවිනිසුරුතුමාට සහ නීතිපතිතුමාට පමණයි. මම කිසි විටෙක ව්‍යවස්ථාවට පිටින් කටයුතු කර නැහැ. ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන අය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමන තියෙනවා. ඒ ගණයට මම වැටිලා නැහැ. දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය හෝ වෙනත් කිසිම පුද්ගලයෙකු හෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර තනතුරකට පත් කරන්න යැයි ඉල්ලමින් මම ලිපි යොමුකර නැහැ. ඒ නිසා එවැනි ලිපියක් යොමු කළා කියා නගන චෝදනාව අසත්‍යයක්. මම එය ප්‍රතික්ෂේප කරනවා.

දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මියගේ ප්‍රකාශයන් පිළිබඳව වහාම පරීක්‍ෂණයක් කළ යුතුයි. දැනට නීතිපතිතුමා මේ ගැන පරීක්‍ෂණයක් කරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පරීක්‍ෂණය කඩිනම් කිරීම සුදුසුයි. එවිට බලපෑම් කළ දේශපාලනඥයන් කවුරුන්දැයි හෙළි කර ගැනීමට හැකි වේවි. ඒ වගේම ඒ මහත්මිය නීති විරෝධී කටයුතු කර ඇත්නම් ඒවාත් තහවුරු කර ගැනීමට හැකි වේවි.

දිල්රුක්‍ෂි වික්‍රමසිංහ මහත්මිය කිසි දිනෙක අරලියගහ මන්දිරයේ සේවය කර නැහැ. දූෂණ විරෝධී කමිටුව ස්ථාපිත කර තිබුණේ අරලියගහ මන්දිරයේ නෙවෙයි. ඉන් පිටතයි. ආනන්ද විජේපාල මහතා එහි අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළා. මේ කමිටුවේ සාකච්ඡා සඳහා නීතිපති දෙපාර්තමේතුව නියෝජනය කරමින් පැමිණියේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහත්මයායි.


ඒ නිසා ජනාධිපතිතුමා කියූ කරුණු සත්‍යයෙන් තොර බව කරුණාවෙන් පෙන්වා දෙන්නට කැමතියි.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව එතුමා මේ ආකාරයට මා ඉලක්ක කර ගෙන චෝදනා කරන්නට පටන් ගත්තේ කුමන හේතුවක් නිසා ද කියා මම නම් දන්නේ නෑ. මට හෝ ඇමතිවරුන්ට හෝ චෝදනා ඇත්නම්, අප පිළිබඳව සැක සංකා ඇත්නම් වඩාත් යෝග්‍ය වන්නේ කැබිනට් මණ්ඩලයේ ඒ ගැන සාකච්ඡා කිරීමයි. එක්කෝ පුද්ගලිකව විමසීමයි. එසේ නොමැතිව ප්‍රසිද්ධියේ ඒ ගැන මත පළ කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට සුදුසු නොවන බව මගේ හැඟීමයි. එය වගකීම් සහගත ක්‍රියාවක් ද නෙවෙයි.

ඒ වගේම මින් ඉදිරියට මට විරුද්ධව චෝදනා එල්ල කළහොත්, එසේ එල්ල කරන අවස්ථාවක් අවස්ථාවක් පාසා පිළිතුරු දීමට මම පුද්ගලිකව මැදිහත් වෙන්නේත් නෑ. ඒ නිසා චෝදනා තිබේ නම් ඒවා නිසි ස්ථානයන්හි මතුකරන මෙන් මෙන් මම සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා. ව්‍යවස්ථානුකූල හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය එය බවත් මම මෙහිදී අවධාරණය කරනවා.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us