සජිත්ව දිනවන මැතිවරණ මෙහෙයුම තිස්ස බාර ගනී Featured

Published in පුවත්
Wednesday, 25 September 2019 13:56

සජිත් ප්‍රේමදාස සමඟ එක්ව පක්ෂයෙන් ඈත්වු ජයග්‍රහණය හෙට දිනයේ යළි තිර කිරීමට සියලු ශක්තිය උපරිමයෙන් යොදවන බවටත් තමන් කෙරෙහි තැබූ විශ්වාසයට උපරිම සාධාරණත්වය ඉටු කරන බවටත් එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක ප්‍රතිඥාවක් දෙමින් නිවේදනයක් නිකුත්කර තිබේ.

" විවිධ හේතුන් මත එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලන වැඩපිළිවෙලින් ඉවත්ව සිටින පක්ෂයේ සාමාජිකත්වයට යළි පක්ෂය සමඟ එක්වන ලෙස ඔබතුමා කල නිහතමානී ඉල්ලීමට සමස්ථ සාමාජිකත්වයේ ගෞරවය හා ප්‍රසාදය හිමිවන බව සඳහන් කරුණු කැමැත්තෙමි.

පලමුව, එම ඉල්ලීමේදී මාගේ නම සඳහන් කරමින්ම කල ඉල්ලීම පිළිබඳව දීර්ඝ ලෙස කල්පනා කොට මේ මොහොතේ ඔබතුමාගේ ඉල්ලීම සමඟ එකඟව කටයුතු කිරීමට තීරණය කල බව ගෞරවයෙන් දන්වා සිටිමි.

එක්සත් ජාතික පක්ෂයෙන් ඈත්ව කටයුතු කිරීමට සිදුවූයේ පක්ෂයේ අපේක්ෂකයෙකුට ජයග්‍රහණය කිරීමේ වතාවරණය උදාවූ 2015 ජනාධිපතිවරණයේදී පක්ෂය එයට පටහැනි තීරණයකට එළඹීම නිසාවෙනි.

2015 ජනාධිපතිවරණයට පක්ෂයේ අපේක්ෂකයෙකු නම් කිරීමට සිවිල් සංවිධාන, අනෙකුත් දේශපාලන පක්ෂවල එකඟතාවය ලබා ගැනීමට පැහැදිලි අවස්ථාවක් උදාවී තිබියදිත්, එයට පටහැනිව පක්ෂය ගත් තීරණය නිසා වර්තමානයේ අප අත්විදින අනතුර මා දුටු නිසාත් ඒ පිළිබඳව මා නැඟු හඩ, නොසලකා හරිමින් කටයුතු කිරීම පිළිබඳව ඇතිවූ බරපතල කම්පනය එම තීරණය ගැනීමට හේතුවක් විය.

මේ පිළිබඳව සවිස්තරාත්මකව මම එළිදක්වන “නොකියු කතා“ ග්‍රන්ථයේ සටහන් වේ. පක්ෂයේ අපේක්ෂකයෙකු නම් කොට පක්ෂය ජයග්‍රහණය කරවීමට මා තුළ තිබූ අපේක්ෂාව ඉටුවන මොහොත උදාවී ඇති බැවින් යලිත් ඔබතුමා සමඟ අත්වැල් බැද ගනිමි.

ඉතිහාසයේ සිදුවූ සියලු අමිහිරි මතකයන් පසෙකලා ඔබතුමා සමඟ මේ මොහොතේ එක්වනුයේ මාගේ දිවි දෙවැනි කොට සුරකීමට කැපවූ පක්ෂයේ සහ පාක්ෂිකයින්ගේ අපේක්ෂාව සඵල කිරීම මාගේ යුතුකම සහ වගකීම වන බැවිනි.

හෙට දිනයේ ඔබතුමාගේ නායකත්වයෙන් ගොඩනගන ශ්‍රී ලංකාවේ අනාගතය සවිමත් කිරීමට මා මෙන්ම පක්ෂයෙන් ඈත්ව කටයුතු කරන සියල්ලන්ටම යලි එක්වන ලෙස ආරාධනා කරනු කැමැත්තෙමි.

ඔබතුමා සමඟ එක්ව පක්ෂයෙන් ඈත්වු ජයග්‍රහණය හෙට දිනයේ යලි තිර කිරීමට මාගේ සියලු ශක්තිය උපරිමයෙන් යොදවන බවටත් මා කෙරෙහි ඔබතුමා තැබූ විශ්වාසයට උපරිම සාධාරණත්වය ඉටු කරන බවටත් ප්‍රතිඥාවක් දෙනු කැමැත්තෙමි.

තිස්ස අත්තනායක

එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම්.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us