නන්දසේනට තමන්ගේ ඡන්දයවත් මෙවර නෑ.   Featured

Published in පුවත්
Tuesday, 24 September 2019 11:25

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නන්දසේන ගොඨාභයට මෙවර ජනාධිපතිවරණයේදී තමන්ගේ ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි වාතාවරණයක් උදා වී තිබේ. 2017 සිට 2019 දක්වා කාලය තුල ඔහු ඡන්ද දායකයකු වශයෙන් ලියාපදිංචි වී ඇත්තේ හොර හැඳුම්පතකින් බව හෙළිදරව් වීම නිසා ඔහුට නීත්‍යානුකූලව සිය ඡන්දය පාවිච්චි කිරීමේ හැකියාවක් නැත.

2016 අවුරුද්දේදී සිය ජාතික හැඳුම්පත අවලංගුකර නව හැඳුම්පතක ලබාගෙන තිබුණද ඡන්දදායකු ලෙස ලියාපදිංචි වී ඇත්තේ අවලංගු කරන ලද පැරණි හැඳුම්පත් අංකය යොදාගෙනය.හොර හැඳුම් පතකින් සකසා ඇති ඡන්ද නාම ලේඛනයේ ඇති නම දැන් නිතිය අනුව නම් අවලංගුකර කපා හැරීම විය යුතු අතර එය කපා හැර අලුතෙන් නම නියම හැඳුනුම්පත් අංකය අනුව සකසා ගැනීමට දැන් කාලයක් නැත.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් එය තමන්ගේ වරදක් නොව නිලධාරීන්ගේ වරදක් බව ඔහු කියා සිටියි. එහෙත් මෙම වරද 2017 වසරේ සිටම සිදුව තිබේ. ඡන්දය ලියා පදිංචිය සඳහා තමන්ගේ අවලංගු කළ හැඳුම්පත් අංකය නිලධාරීන් විසින් යොදා තිබුණේ නම් එය නිවැරදි කිරීමට වසර තුනකට අධික කාලයක් තිබිණි. පසුගිය 2018 වසරේ පලාත්පාලන මැතිවරණය සඳහා නිකුත් කෙරුණු ඡන්ද පත්‍රිකාවේ පැරණි හැඳුම්පත් අංකය පැහැදිලිව සටහන් කර තිබෙනවා ඔහු දු‍ටුවේ නැද්ද ? එසේම එම මැතිවරණය සඳහා නන්දසේන ඡන්දය පාවිච්චි කළාද නැද්ද යන්නද මෙහිදී සොයා බැලිය යුතුය. ඔහු යම් හෙයකින් ඡන්දය පාවිච්චි කළා නම් ඒ සැලකිය හැක්කේ හොර ඡන්දයක් ලෙසය.

කෙසේ නමුත් නන්දසෙන දැන් සිටින්නේ තමාගේ ඡන්දය කෙසේ වෙතත් රටේ ජනතාව ඔහුට ඡන්දය නොදෙවී යැයි බියෙනි. මන්ද ඔහු සහ ඔහුගේ කල්ලිය සිතුවා මෙන් ඔහුට රටේ පුරවැසියාගේ කැමැත්ත නැති බව මේ වන විට පැහැදිලිව පෙන්නුම් කර තිබේ.

මැතිවරණයේ ඡන්දදායකයාගේ හැසිරීම සම්බන්ධයෙන් පිළිගත් ආයතන ගනනාවක් විසින් සිදු කෙරුණු විද්‍යාත්මක සමීක්ෂණ වාර්තා ප්‍රතිපළ අනුව ඔහුගේ ජනප්‍රියත්වය දිනෙන් දිනම පහළ යමින් තිබේ. පසුගිය සතියේ බුද්ධි අංශ විසින් සිදු කෙරුණු සමීක්ෂණ වාර්තා අනුව එය සියයට 37 දක්වා පල්ලම් බැස තිබුණු බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් ජයග්‍රහණය කළ හැකි බවට තිබූ විශ්වාසය මේ වන විට සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ. ඒ වෙනුවෙන් සමස්ත ඡන්ද දායකයාගේ සියයට 75 ක් පමණ වන සිංහල ඡන්ද කුට්ටියෙන් සියයට 65 ක්වත් ලබා ගැනීමකින් තොරව ජයග්‍රහණයක් ගැන සිතිය නොහැක. සමස්තයක් ලෙස මෙවර සියයට 50 ප්‍රතිශතය ඉක්මවා යෑමට නම් ඡන්ද ලක්ෂ 65 කට ආසන්න සංඛ්‍යාවක් ලබා ගත යුතුය.

රාජපක්ෂලාගේ උපරීම හැකියාව පෙන්වූ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඔවුන් ලබා ගත්තේ ඡන්ද 50 ලක්ෂයකට ආසන්න ප්‍රමාණයකි. සිංහල ජාතිවාදය උපරීමයෙන් වපුරා ලබා ගත්තේ එපමණකි. එසේම ආණ්ඩුව දුර්වලම අවස්තාවක එම ප්‍රමාණය ලැබී තිබිණි. එනම් තවත් ඡන්ද ලක්ෂ 15 ක පමණ හිඟයක් ඔවුන්ට පවතී. සුළුජාතික ඡන්ද ගැන කිසිදු විශ්වාසයක් තැබීමේ හැකියාවක් ද නන්දසෙනට නැත. 2018 පෙබරවාරියට වඩා දැන් තත්වයන් වෙනස්ය. ආණ්ඩුවේ ජනප්‍රියතාවය ඉහළ ගොස් ඇත. සිදුකළ සංවර්ධන ක්‍රියාදාමයන් පෙන්නෙට පටන් ගෙන ඇත. රටේ ආදායම් වැඩි දියුණු වී ඇත. විශේෂයෙන්ම ග්‍රාම්‍ය ප්‍රදේශ සංවර්ධනය ඉතා වේගයෙන් සිදු වෙමින් පවතී. මේ තත්වයන් රාජපක්ෂලාගේ ඡන්ද පදනම කෙරෙහි සෘජුව බලපා ඇත.

නන්දසේනගේ ජනප්‍රියත්වය කෙතරම් පහල අඩියක පවතින්නේ ද යන්න ගැන පෙන්වා දිය හැකි හොඳම උදාහරණය මහින්ද රාජපක්ෂ සහභාගි නොවෙන ජනහමු වලට පැමිණෙන සෙනගෙන් මැනිය හැකිය. මහින්ද නැත්නම් සෙනගත් නැත.

කෙසේ නමුත් මෙවර නන්දසෙනට තමන්ගේ ඡන්දය අහිමිවීමත් සොහොන් ලකුණකි.. හොර හැඳුනුම් පත්, හොර පාස්පොර්ට්, හොර පුරවැසිකම් සකසා ගත්තා සේ මෙවර ඡන්ද පත්‍රිකාවත් යළි අතේ තිබෙන හැඳුම් පත් අංකයට සකසා ගැනීමේ හැකියාව නන්දසේනට නැත්තේ නැත. ඒවාට උදව් කරන ඇමැතිවරු සහ නිලධාරීන් සිටින නිසා ඒ සකසා ගැනීමට බැරි ද නැත.

හොරකමෙන් වංචාවෙන් ජීවත් වූවන්ට ඉදිරි පැවැත්මක් තිබෙන්නෙ හොරකමෙන් වංචාවෙන් පමණය. නන්දසේනගේ අනාගතයන් එබඳුම බව කැට තබා කිව හැකිය..ඊට වෙන්ස් වේ යැයි කියන්න කිසිදු හේතුවක් ඔහුගේ ජීවිත කාලය තුල සිදුකර නැත.

Last modified on Tuesday, 24 September 2019 15:05

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us