චම්පික, කරූගේ ජනාධිපතිවරණ අපේක්ෂක විගඩම නවත්වයි Featured

Published in පුවත්
Friday, 20 September 2019 23:43

ඊයේ රාත්‍රීයේ ඇමැති පාඨලී චම්පික හා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රධානියකු වන රවී ජයවර්ධන සමඟ පැය කිහිපයක් පුරා පැවති සාකච්ජාවේ ප්‍රත්පල දැනුම් දීමෙන් අනතුරුව කතානායක කරූ ජයසූරිය ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ.

ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට අගමැතිවරයා විසින් ගෙන ආ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ අති බහුතරයක් අමාත්‍යවරුන් විරෝධය පළකිරීමත් එජාපයට සහය දක්වන පක්ෂ සියල්ලම සජිත් ප්‍රේමදාස එජපෙ ජනාධිපතිවරණ අපෙක්ෂක්යා ලෙස ඉදිරිපත් කළ යුතු බවට ඊයේ දිනයේදී එජාප නායකයා හමුවේ ප්‍රකාශ කර තිබීමත් නිසා තව දුරටත් කරූ ජයසූරියට එජාපයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට කරන්න සටනක් ඉතිරි නොවීය. මේ ගැන ඇමැති චම්පික රණවක තේරුම් කර දීමෙන් පසුව කරූ ජයසූරිය මෙම තීරණය ගෙන තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (20) පස්වරුවේ එජාපෙ නායකයින් අරලියගහ මන්දිරයේ දී රැස්වූ අවස්ථාවේ දී කතානායකවරයාගේ එම ස්ථාවරය දැනුම් දී ඇත්තේ ඔහුගේ බැණා කෙනෙකු වන නවින් දිසානායක අමාත්‍යවරයා ය.

මේ අතර කරු ජයසූරියගේ මාධ්‍ය ලේකම්වරයා අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, කථානායක කරූ ජයසූරිය විසින් ජනපති අපේක්ෂකත්වය ලබා දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කර ඇති බවට අද දින ප්‍රධාන ජාතික පුවත්පතක පළව ඇති පුවත නිවැරදි නොවන බවයි.

ජනපතිවරණයට ඉදිරිපත් වන ලෙස තමන්ට පාර්ශව ගණනාවකින් ලැබුණු ඉල්ලීම් පිළිබඳව ප්‍රතිචාර දක්වමින් කරු ජයසූරිය විසින් පසුගිය (සැප් 17) දින ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරන ලද බවත් එමඟින් ප්‍රතිපත්තිමය කරුණු කිහිපයක් දක්වා ඇති නමුත් එය ජනපති අපේක්ෂකත්වය ඉල්ලුම් කර නිකුත් කළ නිවේදනයක් නොවන බව ද එම නිවේදනයේ සඳහන්ය.

ඒ අතර පසුගියදා'ඩේලි මිරර්' පුවත්පත සමග පවත්වා ඇති සංවාදයක දී කතානායක කරු ජයසුරිය පවසා ඇත්තේ, මීළඟ පරම්පරාව නියෝජනය කරන සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා, ඔහුට පවරණ සෑම වගකීමක්ම ඉහළින්ම ඉ‍ටු කරන අයකු බවයි.

එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව ප්‍රකාශ කර ඇති සජිත් ප්‍රේමදාස ඇමතිවරයාගේ හැකියාව පරිණත බව අගය කර කරමින් කතානායකවරයා එබව සඳහන් කර ඇත.

කෙසේ නමුත් මේවන විටත් එජාපෙ ජනාධිපති අපෙක්ෂ්කත්වය නිල වශයෙන් ඉල්ලා ඇත්තේ සජිත් ප්‍රේමදාස විසින් පමණි. ඒ අනුව ලබ්න සතියේ බදාදා දින එජාප නායකයා එජාප ජනධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කරනු ඇතැයි එජාප සෙසු නායකයින් බලපොරොත්තු වෙයි.

Last modified on Friday, 20 September 2019 23:45

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us