හකීම් කැබ්නට් සාමුහික වගකීම කඩ කළැයි චෝදනාවට පරීක්ෂණ තියන්න දෙන්නේ නැහැ - තලතා

Published in පුවත්
Friday, 20 September 2019 23:07

අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ කැබිනට් මණ්ඩලයට ගෙන ආ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධ යෝජනාව කැබිනට් මණ්ඩල ‍රැස්වීමෙන් පසුව විවේචනය කළ බවට චෝදනා කරමින් අශූ මාරසිංහ මන්ත්‍රීවරයා රාවුෆ් හකීම් ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයේ සමුහික වගකීම කඩ කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බවට කරන ප්‍රකාශය තලතා අතුකෝරල ඇමතිනිය හෙළා දැකියි.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ කොළඹ 07 ස්ටැන්මෝ ක්‍රසන්ට් මාවතේ පිහිටි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ නිල නිවසේ අද (20) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය

ඊයේ දවසේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න ගියා කියලා මාධ්‍ය හරහා විවිධ දේවල් කියා ගෙන යනවා. අපේ ස්ථාවරය කියන්න ඕන කියලා අපි හිතුවා. 1994 ඉදලා චන්ද්‍රිකා මැතිණිය මහින්ද රාජපක්ෂ මහත්තයා අපි පත් කළ මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ විධායක ක්‍රමය ඉවත් කරන්න ඕන කියලා කිවුවා.19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ටිකක් හරි බලතල අඩු කළේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා විතරයි.අද වන විට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වෙලා තියෙනවා අපි සියලු දෙනාම ඡන්දයකට ලෑස්ති වෙලා ඉන්න වෙලාවක විධායකය අහෝසි කරන්න මේ වෙලාවේ අපි කැමති නැහැ. අපි මේ ජනාධිපතිවරණයට යන්නේ ඉතා කැමැත්තෙන් අපිට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්. විධායකය මේ වෙලාවේ අහෝසි කරන්න යන එකට එක්සත් ජාතික පෙරමුණේ සුළු පක්ෂත් විරුද්ධයි. අපි කැබ්නට් රැස්වීමට කලින් අරලියගහ මන්දිරයේදී අමාත්‍යවරු රැස් වුණා. එතනදිත් අපි විරුද්ධ වුණා.ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණු අමාත්‍ය මණ්ඩල රැසිවීමේදීත් අපි ඒකට අමාත්‍යවරු කිහිප දෙනෙක් හැර අනිත් අමාත්‍යවරු විරුද්ධ වුණා.

අපි විධායකය අහෝසි කරන එක ගැන මේ ජනාධිපතිවරණයෙන් පස්සේ ප්‍රකාශයට පත් කරන්නම්. දැන් මේ වෙලාවේ ඒකට අවස්ථාව නෙමෙයි කියන එකයි අපේ අදහස.
ඊයේ අපි කැබිනට් මණ්ඩලයේදී මේකට දැඩිව විරුද්ධ වුණා.අනික විධායකය ඉවත් කරන්න නම් තුනෙන් දෙකක බලයක් ඕන .මේ වෙලාවේ ඒක ලැබෙන්නේ නැහැ. කවුද මේක ගෙනාවේ කියලා නම් අපි දන්නේ නැහැ.

මාධ්‍ය වේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.

ප්‍රශ්නය -ඇමතිතුමා විධායකය අයින් කරන යෝජනාව කවුද මේ කැබිනට් එකට ගෙනාවේ.

පිළිතුර- කවුද ගෙනාවේ කියලා නම් අපි දන්නේ නැහැ.ඒක අපිට කියන්න අවශ්‍යතාවයක් නම් නැහැ.

ප්‍රශ්නය-කැබිනට් රැස්වීමෙන් පසුව රවුෆ් හකීම් අමාත්‍යතුමා අගමැතිතුමා මේ යෝජනාව ගෙනාවා කියලා තදබල ලෙස විවේචනය කලා.ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න ඕන කියලා ආශු මාරසිංහ මන්ත්‍රිතුමා කිවුවා.

පිළිතුර-එහෙම එක එක් කෙනාට ඕන විදිහට වෙනත් පක්ෂ නායකයන්ට අවශ්‍ය විදිහට රවුෆ් හකීම් අමාත්‍යතුමාට විරුද්ධව පරීක්ෂණ කරන්න කාටවත් බැහැ.අපි ඒකට විරුද්ධයි සජිත් ප්‍රේමදාස ඇමතිතුමා තමයි ගමේ ඉන්න අපේ පාක්ෂිකයා ඉල්ලන්නේ.අද එක්සත් ජාතික පෙරමුණේ ඉන්න සියලු දෙනාම ඉල්ලන්නේ සජිත් ඇමතිතුමාවයි.

කවුරුවත් හිතනවා නම් රවුෆ් හකීම් ඇමතිතුමා කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීම වගකීම කැඩුවා කියලා එතුමාට එරෙහිව පරීක්ෂණ තියන්න ඕන කියලා අපි පරීක්ෂණ තියන්න නෙවෙයි අපි එතුමා වෙනුවෙන් පෙනී සිටිනවා.කැබිනට් මණ්ඩලයේ බහුතරයක් එතුමා වෙනුවෙන් පෙනී සිටිනවා .අනික රවුෆ් හකීම් ඇමතිතුමා කියන්නේ එදා ඔක්තෝබර් 26 වෙනිදා අපෙන් බලහත්කාරයෙන් ආණ්ඩුව ගත්ත වෙලාවේ සියලු දේ කැප කරලා පෙනී හිටියා.එතුමා එදා අප්‍රේල් 21 වැනිදා ලොකු කැපවීමක් කළා.එතුමා ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් කරන නායකයෙක් කියන එක මම කියන්න ඕන.

ආශු මාරසිංහ මන්ත්‍රිතුමා මේ ජාතික ලැයිස්තුවෙන් ආව මන්ත්‍රි කෙනෙක්.එතුමාව අපි දන්නේ 2015 ජාතික ලැයිස්තුවෙන් ආව කෙනෙක් විදිහටයි අපි දන්නේ.

අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජනාධිපති අපේක්ෂකම ගන්නවා.ඒක ලැබෙනවා .විධායකය අහෝසි කරන්න මේ වෙලාවේ අවස්ථාව නෙවෙයි.මේ වෙලාවේ ඒක අහෝසි කරන්න රවුෆ් හකීම් මනෝ ගනේෂන් පාඨලී චම්පික රණවක ඇමතිතුමාලා විරුද්ධයි.අපි අහන්නේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන අවස්ථාවක ඇයි මේ විධායකය අහෝසි කරන්න යෝජනාවක් කළේ යැයි ද අමාත්‍යවරිය තවදුරටත් පැවසුවාය.

රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර කම්කරු හා වෘත්තිය සබදතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර යන මහත්වරුන්ද මෙහිදී අදහස් දැක්වීය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us