ඇසුරු කරන එකාගේ හැටියට වෙනස් වෙන ගිරා පෝතකයා 'පාඨලී'..මජර ඉතිහාසය Featured

Wednesday, 07 August 2019 02:05

කුණ‍ාටුවකට අසුවී දෙපැත්තට ගහගෙන ගිය ගිරා පෝතකයන් දෙන්නාගේ කතාව කවුරුත් දන්න ජන කතාවකි. සුදනන්ගේ ඇසුරට ව‍ැටුණු ගිරවා ඒ සංස්කෘතික ආභාෂයන් අනුව හැදී වැ‍දුනු අතර දුදනන්ගේ ඇසුරට වැ‍ටුණු ගිරවා ඒ ආභාශයන් අනුව හැදී වැදුනේය.

මෙරට දේශපාලනයේදී එහෙම ගිරව් හමුවෙති. විටින් විට පැත්ත මාරු කරමින් පාට වෙනස් කරන ක‍ටුස්සන් නම් ඕනෑ තරම් මේ දේශපාලනයේදී හමුවෙයි .ඒත් මෙහෙම ගිරව් ඉන්නෙ කලාතුරකිනි. පාඨලී චම්පික රණවක යනු එහෙම සුවිශේෂි දේශපාලන ගිරවෙකි. නමුත් නිතර නරක ඇසුරට වැටුනෙකි.

පාඨලීගේ දේශපාලන ඉතිහාසය ලියැවෙන්නේම තමන් වැ‍ටුණු තැන ඒ ඒ විදිහට හැදී වැ‍දුනු දේශපාලන ගිරවකු ලෙසය. පාඨලීගේ අපි දන්නා දේශපාලන ඉතිහාසය ආරම්භ කෙරෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අන්තර් විශ්වවිද්‍යාලයීය බල මණ්ඩලයේ දේශපාලන ක්‍රියාකාරකම් හරහාය. ඊට සෘජුව සම්බන්ධව කටයුතු නොකළත් ඊට වඩාත් සමීපව ගනු දෙනු කළේය. එවකට මොරටුව විශ්වවිද්‍යාලයේ තෙවන වසර සිසුවෙකි. කොටින්ම පාඨලීව එදා සිටි ශිෂ්‍ය නායකයන් යොදා ගත්තේ ලව්ඩ්ස් පීකරයකට.. ඔහුගේ වේගවත් කතිකත්වය ජවිපෙ දේශපාලනය ශිෂ්‍ය ප්‍රජාව අතර ප්‍රචාරය කිරීම වෙනුවෙන් පාවිච්චියට ගනු ලැබීය. නමුත් පසුව මාක්ස්වාදය තවදුරටත් පිළිනොගන්නා බව ප‍්‍රකාශ කර ජවිපෙ දේශපාලනයෙන් ඉවත්වී දේශප්‍රේමී සටන් පාඨ අහුලාගෙන ශිෂ්‍ය ව්‍යාපාරය තුල රැඳෙන්න ඉඩක් සොයන්නට ගත්තේය. දේශප්‍රේමයට ජවිපෙද ආශක්තව සිටි බැවින් මොහු ජවිපෙ මිතුරෙක් විය.

87-89 ජවිපේ මර්දන ක්‍රියාවලිය වේගවත් වෙමින් තිබු අවධියේදී පාඨලී හා සම්බන්ධත තිබු ජවිපේ ශිෂ්‍ය නායකයන් එකා දෙන්නා ඝාතනයට ලක් විය. අතුරුදන් විය. එහෙත් පාඨලීට එහෙම අනතුරක් තිබුණේ නැත. විටෙක අත් අඩංගුවට පත් වූවද මොහු මර්දකයාගේ මිතුරෙක් විය. ජවිපේ ශිෂ්‍ය නායකයන් මරු වැලඳ ගනිද්දී පාඨලී ජීවත් වන්නට වාසනාව එසේ උදාකර ගත්තේය. පසුව ශිෂ්‍ය නායකයන් හිස් භුමියේ ඔහුට නායකයතු මෙන් වැජඹෙන්නට ඉඩ කඩක්ද නිර්මාණය විය. ඒ මව්බිම සුරැකීමේ ව්‍යාපාරය නිසාය.

පාඨලීට පොතක් ලිවීමේ ආසාව ඇති වුණේ මේ කාලයේදීය. ජවිපේ ශිෂ්‍ය සම්බන්ධකම් නිසා පාඨලීට මහාර්ග වස්තුවක් හිමිව තිබිණි. ඒ පොතක අත් පිටපතකි. එය ලියා තිබුණේ ජපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යකු විසිනි. ඔහු එම පොත තවත් ජවිපේ ශිෂ්‍ය ක්‍රියාකාරිකයකුට පරිස්සමට ලබා දී තිබිණි. ඒ අතරේදී ජපුර ශිෂ්‍යා ඝාතනයට ලක් විය. ඉන් පසුව පොත සන්තකව තිබූ ශිෂ්‍යයා එය පරිස්සමට බාර දුන්නේ පාඨලීටය. ටික දිනකින් එම ශිෂ්‍යාද ඝාතනයට ලක්විය. පසුව 1989 දී පාඨලි සිය ප්‍රථම කෘතිය ලෙස එළි දක්වන්නේ ' අපේ මඟ" නැමැති පොත් පින්චයි. . එය ශිෂ්‍ය ව්‍යාපාරය ගැන ලියු පොතකි.

කාර්ල් මාක්ස්ගේ දර්ශනය අනුව සමාජවාදය පිළිගෙන සිටි පාඨලී මේ කාලයේදී ඒ අත් හැර ජාතික චින්තනය ගැන හිතන්නට විය. මේ ඉන්න අතර රටවැසී පෙරමුණ නමින් බිහිවූ දේශපාලන පක්‍ෂයෙහි ද සිය ශිෂ්‍ය ව්‍යාපාරයේදී හමුවූ සගයන් සමඟ කටයුතු කළේය. ගවේෂකයෝ, නමින් සංවිධානයක්ද අටවා ගෙන සිටියේය. ජවිපේ මර්දනයෙන් පසුව එහෙ මෙහෙ රස්තියාදු ගසමින් ජවිපෙ විරෝධයක් නඩත්තු කරමින් සිටි පාඨලීට ජවිපෙට එරෙහිව සිටි එන් ජී ඕ කාරයන් පිරිසක් ඇසුරු කරන්නට අවස්ථාව ලැබිණි.

ඔවුන් විසින් දෙසනු ලැබූ ' හරිත සමාජවාදය' පාඨලී වැලඳ ගන්නේ මේ කාලයේදීය. වැටෙන තැන අනුව වෙනස් වෙන ගිරවා මෙන් චම්පික කතා කරන්නට පටන් ගත් අතර ' ජනතා මිතුරෝ' සංවිධානයද ඒ අනුව බිහි විය. අතුරලියේ රතන සමඟ ' හරිත සමාජවාදය' ප්‍රචාරය කරමින් රට පුරා යන ගමනේදී. 1994 දී චන්ද්‍රිකාට උදව් කළේය. නමුත් ජවිපෙ නැවත ගොඩනැඟීමත් සමඟ හරිත සමාජවාදය අවුලක් බව පෙනෙන්නට විය. නමුත් හරිත සමාජවාදී දේශනා අතරේදී එය දේශීය හෙළ සංස්කෘතිය ගැනද ආවඩන්නට සිදුව තිබු නිසා ජාතිවාදයට මාරු වීම පාඨලීට පහසු විය. විශේෂයෙන්ම ජවිපෙට වඩා ජාතිය ගැන දේශප්‍රේමය ගැන පෙනී සිටින්නට පාඨලීට ඕනෑ විය. එහි ප්‍රතිපලයක් ලෙස ජනතා මිතුරෝ සිංහල ජාතිවාදි ව්‍යාපාරිකයන්ගේ හොඳ හිත දිනා ගන්න තැනට වැ‍ටුනෝය.

ජවිපෙ චන්ද්‍රිකාගේ ජාතික ප‍්‍රශ්නයට බලය බෙදීමේ විසඳුමක් ඇතිකිරීමට උත්සාහ කරමින් සිටි අතර මෙයට එරෙහිව සිංහල ජාතිවාදී පිරිස් (ජවිපෙද ඇතුලත්ව) විරෝධතා එල්ලකරමින් සිටියේය. නමුත් සංවිධානයක අවශ්‍යතාවය ඇතිව තිබිණි. හරිත සමාජවාදයේ සිට උග‍්‍ර සිංහල ජාතිවාදය වෙත චම්පික පිම්මක් ගසන්නේ ඒ අනුවය. උතුරේ යුද්ධය විසින් ජාතිවාදයට හොඳ තොතැන්නක් දකුණේ ඇති බව වටහා ගත් පාඨලී ' ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය' අටවා ගත්තේය. මෙයට සිංහල ව්‍යාපාරිකයාගේ නොමසුරු ආධාරය ලැබිණි. ‘සිංහල වීරවිදහන’ බඳු ව්‍යාපාරික සංවිධාන, බිහිකළේ මේ ව්‍යාපාරික ආධාර එකතුකර ගැනීම වෙනුවෙනි.

චම්පික සිංහල ජාතිවාදී නායකයකු ලෙස ඉස්මතු වන්නේ ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය හරහාය. ඔහු ඒ වැඩේ හොඳටම කළේය. ගිරවකු මෙන් ජාතිවාදී සිංහල ව්‍යාපාරිකයගේ ලව්ඩ්ස්පීකරය බවට ඔහු පත් විය. මෙය තවදුරටත් වර්ධනය කරමින් දේශපාලන පක්ෂයක් පිහිටු වන තැන දක්වා ගමන් කළේය. ' සිහල උරුමය' යනු එම පක්ෂයයි. නමුත් සිහල උරුමය එතරම් සාර්ථක වන්නේ නැත. 2001 මහ මැතිවරණයේ දී අමු ජාතිවාදී සටන් පාඨ ඇද බෑවද එම පක්ෂයට ලැබෙන්නේ එක් මන්ත‍්‍රී ධුරයකි. මෙය බෙදාගැනීමට ගැටුමක් ඇති වන අතර පාඨලී අවසානයේ පාර්ලිමේන්තු වරම ඩැහැ ගත්තේය.

එම වකවානුවේ ස්වාධීන කොමිෂන් සභා ඇතිකිරීම සඳහා 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වූ අවස්ථාවේ එයට විරුද්ධ වූ එකම මන්ත‍්‍රීවරයා පාඨලීය. තවමත් විධායක ජනාධිපතිධුරය වෙනුවෙන් ඔහු පෙනී සිටියි.

තවත් ටික කලක් යන විට මෙහිම දිගුවක් ලෙස නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්බ කෙරිණි. එය 'ජාතික හෙළ උරුමය ' නම් විය. මෙහිදී සිංහල බෞද්ධ ජාතිවාදය අමු අමුවේම රට තුල පැලපදියන් කිරීම චම්පික සිදු කළේය. එය එක්තරා වියරුවක් මෙන් සිදු විය.

2003 වර්ෂයේදී ගංගොඩවිල සෝම හිමි අභාවය නිසා තමන්ට තවත් ඉතා අගනා අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට හැකි බව ඉවෙන් මෙන් වටහා ගත් පාඨලී කහකඩ ධාරීන් ඍජුව පාර්ලිමේන්තු දේශපාලනයට පැමිණිය යුතුය යන සමාජ මතය ගෙන ආවේය. අද වත්මන් සමාජය මුහුණ දෙන සිංහල බෞද්ධ ත්‍රාඩ ව්‍යාපාරයන් ලංකාවට හඳුන්වා දී ඒ පෝෂණය කළේ පාඨලී බව ඉතිහාසය සාක්ෂි දරයි.

සිහල උරුමය ‘සඟසතු කොට මහා සංඝ රත්නයට පූජා කරන බව’ ප‍්‍රකාශ කර සිහල උරුමය ‘ජාතික හෙළ උරුමය’ බවට පත් කෙරිණි. ලංකා ඉතිහාසයේ පළමු වතාවට 2005 දී කහකඩ ධාරීන් පමණක් යුක්ත පාර්ලිමේන්තු කණ්ඩායමක් ඇතිකර සිංහල බෞද්ධ ජනනායකයකු ලෙස ගොඩයෑම ඔහුගේ අපේක්ෂාව විය. පසුව කහකඩධාරීන් පැත්තකට කර පාඨලී පාර්ලිමේන්තුවට ඇතුළු වීය. ජාතිවාදී දේශපාලනය බලගතු අවියක් කර ගත් පාඨලී එය මහින්ද රාජපක්ෂගේ ජාතිවාදී දේශපාලන ව්‍යාපෘතිය සමඟ ගැට ගසා ගැනීමට සමත් විය. ඒ අනුව මහින්දගේ පරිසර ඇමැති ලෙස ද දිවුරුම් දුන්නේය.

මේ කාලයේ දෙමළ විරෝධී සිංහල බෞද්ධ ජාතිවාදයේ ප්‍රමුඛ අයිතිකරු වන්නේ පාඨලී චම්පික රණවකයි. ඔහු එය මුස්ලිම් විරෝධය දක්වාද දීර්ඝ කරයි. 2008දී මුස්ලිම්වරුන් රටට ‘පිටස්තරයන් පිරිසක්’ ලෙස ඔහු ප‍්‍රකාශයක් කරනු ලැබීය. යුද්ධය අවසාන වීමෙන් පසු රාජපක්ෂ පාලනය මුස්ලිම් ජනයාට එරෙහි ද්වේශ සහගත ව්‍යාපාරයක් ආරම්භ කළ විට ‘අල් ජිහාද් – අල් කයිදා’ නමින් පොතක් ලියන පාඨලී 2014දී අලූත්ගමදී ඇති වූ මුස්ලිම් විරෝධී ජාතිවාදී සාධාරණ බව කියන්නට තරම් නිර්ලජ්ජිත විය.

එවකට පාඨළී මහින්දගේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැති කෙනෙකි.. මේ ගිරා පෝතකයා දැන් මහින්දගේ ලවුඩ්ස් පීකරය බවට පරිවර්තනය විය. මහින්දලා විමල්ලා සමඟ තකට තක සිංහල ජාතිවාදය පෝෂණය කරන ගමන් ඒ මජර පාලනයට හවුල් විය. රාජපක්ෂලා රටට කරව විනාශය අනුමත කරමින් එහි ලැග සිටියේය. රාජපක්ෂලාගේ ජාතිවාදය බලය පවත්වාගෙන යාම වෙනුවෙන් කරන තකක්ඩි කමක් පමණක් වූ අතර පාඨලීද ඒ අනුවම හැඩ ගැසුණි. ඔහු දැන් ජාතිවාදය පාවිච්චි කරන්නේ රාජපක්ෂලාගේ ක්‍රමයටය. අවශ්‍ය තැනදී ජාතිවාදියකු වෙන්නත් අනෙක් තැනකදී මජර තක්කඩි ජාවාරම්කාර දේශපාලකයකු වෙන්නෙත් කොහොමද කියන එක ඔහු රාජපක්ෂලාගෙන් උගත්තේය. එහෙත් රාජපක්ෂ පවුල් දේශපාලනය තුල තවදුරටත් තමන්ට වාසියක් හෝ පැවැත්මක් නැති බව ඔහු වටහා ගත්තේය. මෙහෙම කාලයක් යන විට රාජපක්ෂලාට එරෙහිව එල්ලවන චෝදනා බරපතල වෙද්දි ඔවුන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වන බව පාඨලිට තේරුම් ගියත් එතැනි ගැලවී ගොස් වැටෙන්නට තැනක් නැතිව කල්පනා කරමින් සිටි කාලයක්ද ගෙවුනේය.

පාඨලිට එකපාරටම ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ සහ ‘යහපාලනය’ මතක් වන්නේ රාජපක්ෂ ජනාධිපති තෙවැනි වරට ජනාධිපති වීම සඳහා සූදානම් වෙන විටය. 17 වැනි සංශෝධනයට පවා විරුද්ධව ඡන්දය දුන් පාඨලීගේ ශබ්දකෝෂයේ , ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ යහපාලනය වැනි වචන එතෙක් තිබුණේ නැත.

මේ අවු අස්සේ මෛත්‍රීපාල සිරිසේන රාජපක්ෂ ආණ්ඩුව කඩාගෙන එළියට බැසීම චම්පිකටද හොඳ හව් හරණක් විය. චම්පිකද සිරිසේන අනුව යමින් එළියට බැස්සේ සිරිසේනගේ සෙවනේ යැපෙන්නට සිතාය.. එහෙත් සිරිසේන ගියේ පාඨලී කවදාවත් හොඳයි කියපු තැනකට නොවේ. සිය ඉතිහාසය පුරා කොටි යැයි හංවඩු ගැසූ දෙමල ජාතික සන්ධානය එතැන සිටියේය.

‘රට කොටියාට පාවා දුන්’ දේශද්‍රෝහී පක්ෂයක් ලෙස හංවඩු ගැසූ ලිබරල් විජාතික බටහිර ගැති යූඑන්පිය එතැන් සිටියේය. රට බෙදීමට උල්පන්දම් දෙන එන්ජී ඕ කාරයන් ලෙස තමන් විසින්ම දැඩි විවේචනයට ලක් කල් එන්ඔජීඕ කාරයන්ද එහි සිටියේය. එහෙත් පාඨලීට ඔවුන් සමඟ එකට වැටී .ඔවුන් සමඟ අනන්‍ය වීම කිසිසේත්ම අසීරු කරුණක් වුයේ නැත. පාඨලී හැමදාමත් වැ‍ටුණු තැන අනුව වෙනස් වන්නට පමණක් නොව ඒ වෙනුවෙන් සටන්වදින්නට දක්ෂවූ නිසා මෙතැනත් ප්‍රශ්නයක් වූයේ නැත.

කොහොම වෙත්තත් පාඨළීට තිබෙන ඉව අනුව ඔහු ගොබ්බ සිරිසේනව අත්හැර රනිල්ට හේත්තු විය. තමන්ගේ ඉදිරි දේශපාලන අනාගතය රනිල් විසින් ලියා දෙන බව ඔහුට වැටහිණි. පාඨලී සමඟ සිටි අනෙක් පිරිස් වැඩි දෙනා මේ ගිරා පෝතකයාගේ වෙනස් වීම දරා ගත නොහැකිව වෙන වෙන තැන් වලට ගියත් පාටලී තමන්ගේ උගත්කම දක්ෂතාවය පාවිච්චි කර රනිල්ගේ ලව්ඩ්ස්පීකරය බවට ඉතා ඉක්මනින් පත් විය.

මේ වෙන කොට පාඨලී කියන්නෙ රනිල්ට වඩා ලිබරල් වී බටහිර ගැති වී සිටින අයෙකි. ඔහුට ලැබුණේ අලුත් විෂය පතයක් සමඟ වූ අමාත්‍යංශයකි. එය රනිල්ගේ සිහින අමාත්‍යංශයයි. ඔහුට වැඩ කරන්න ලැබුණු පිරිස ඒ සම්බන්ධ විශේෂඥ දැනුමැත්තෝය. සියලු සැලසුම් ආදිය රනිල් විසින් විදේශ විශේෂඥයන් හරහා ලබා දි තිබිණි. මුදල්ද ලැබිණි. ඒ නිසා පාඨලී මෙම අමාත්‍යංශය තුල ද සුපුරුදු ලෙස සාර්ථක විය. ඒ තැනට අනුව අසුරු කරන්නන් අනුව ඊට ගැලපෙන සේ වෙනස් වෙන්නට ඔහුට ඇති සුවිශේෂි හැකියාව නිසාය.

මේ කතන්දර මෙතැනින් නතර වෙන්නෙ නැත. ' අපේ මඟ' ලෙසින් පටන් ගත් ගමන දැන් ' ජාතික මඟ' දක්වා පැමිණ තිබේ. එහෙත් හැමදාමත් ඔහුට ඉහළින් දැනුවත් බලවත් ස්වාමියෙක් සිටියේය.

ලැබෙන තොරතුරු අනුව රනිල් විසින් ඉදිරිපත් කරන මීලඟ ජනාධිපති අපේක්ෂකයා පාඨලී විය හැකිය. එසේ වී ජනාධිපති පු‍ටුවට ඔහු පත් වුණ හොත්, වීමට නියමිතව ඇත්තේ , අර ගිරා පෝතකයන් මෙන් තැනේ හැටියට ඔහු හැඩ ගසෙන එකය. එහෙත් ජනාධිපතිට ඉහලින් කවුරුවත් නැත. වාඩි වී සිටින පු‍ටුව විධායක ජනාධිපතිගේ පු‍ටුවය. හිතුනු හිතුනු ලෙස පාවිච්චි කරන්නට බලතල හිමි තනතුරකි. විධායකයේ යම් බලතල කප්පදුවක් සිදු කර තිබුණද එය තවමත් විධායක බලතල බුක්ති විඳින ඒකාධිපති තනතුරකි. පාඨලීගේ තිස් අවුරුද්දකට ආසන්න ගිරා පෝතක දේශපාලන ජීවිතය තුල ඔහු උත්සහ කළේම අස්වාමික වී ඒකාධිපතියකු ලෙස වැඩ කරන්නටය. එය ඔහුගේ තද බල ආසාවකි. වියරුවක් සේ එය වැඩකරයි. ඔහු කටයුතු කළ සෑම සංවිධානයක් තුළමත් දේශපාලනය තුළ සහ පෞද්ගලික ජීවිතය තුළත් ඒ කැපී පෙනිනි.

පාඨලී විධායක ජනාධිපතිවරයා ලෙස පත් වුව හොත් සිදුවිය හැක්කෙද ඒ වියරු ඒකාධිපතියා බිහි වීම පමණය. ඔහු මේ රටේ බිහිවන දරුණුම ඒකාධිපතියා වීමද වැලැක්විය හැකි නොවේ. මේ දිනවල් සමාජ මාධ්‍ය වල ලැගගෙන පාඨලී චම්පික උත්කර්ෂයට නංවමින් ඔහු ගැන නන් දොඩවන හුජ්ජ කොල්ලන් මේ කතන්දර දන්නේ නැත.

 

- සුජය

Last modified on Wednesday, 07 August 2019 02:06

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us