එක්සත් ජාතික පෙරමුණේ නායකයන් එළැඹෙන ජනාධිපතිවරණය සඳහා වන ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එය ඉතා සාර්ථක ව අවසන් වූ බව වාර්තා වේ. අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ නිල නිවසේදී මෙම සාකච්ඡාව සිදුවිය.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස සිය ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන් හමුවී ඇති අතර එම සාකච්ඡාව අගෝස්තු 12 වැනිදා කොළඹ ස්ථාන දෙකකදී පවත්වා ඇතැයි සතිඅන්ත 'අනිද්දා' පුවත්පත වාර්තා කර තිබේ.

ලසන්ත, තාජුදීන් ඝාතන ඇතුළු රාජපක්ෂ යුගයේදී සිදුකෙරුණු අපරාධ කිහිපයක් ගැන පොලිස් විමර්ශන කඩිනම් කර ඒ සම්බ්න්ධයෙන් තමාට වාර්ථා කරන ලෙස නීතිපති දප්පුල ඩි ලිවේරා , වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්නට අද ලිඛිතව දැනුම් දි තිබෙන බව වාර්ථාවේ. එම අපරාධ සම්බන්ධයෙන් නඩු පැවැරීම කඩිනම් කිරීම වෙනුවෙන් මෙලෙස එම විමර්ශන වාර්ථා ඉල්ලා ඇත.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස මහත් උත්සවශ්‍රීයෙන් වඩම්මවන ලද ගෝඨාබය රාජපක්ෂ සිය වන්දනා ගමන අවසන් කර යළි සියරට වන අමරිකාවට යෑමට සූදානම් වෙතැයි එම පක්ෂයේම තොරතුරු මාර්ග පවසයි.

එළඹෙන ජනාධිපතිවරණයේ එජාප ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස පත් කිරීම වියයුතු බව ඇමැති ලක්ෂමන් කිරිඇල්ල ද එජාප නායක රනිල් වික්‍රමසිංහ වෙත පවසා ඇති බව ‍TV 1 රූපවාහිනී සේවය වාර්තා කරයි.

ඉදිරියේදී පැවැත් වීමට නියමිත ජනාධිපතිවරණය මේ වන විටත් උණුසුම්කාරී මුහුණුවරක් ගෙන තිබේ. එජාපය ප්‍රමුඛ සන්ධානය හා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය මෙහිදී ප්‍රධාන පාර්ශ්ව දෙක ලෙස ඉදිරිපත් වනු ඇත. මෙම කණ්ඩායම් දෙකට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සන්ධානයත් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව ප්‍රකාශිතය.

ගෝඨාභය රාජපක්ෂ, තමන්ගේ අනාගත නායකයා ලෙස පිළිගැනිමට පොදුජන පෙරමුණ තීරණය කර තිබුණද තමන් අතින් වූයේ වැරැද්දක් බවට එම පක්ෂයෙ ක්‍රියාකාරිකයන් වෙතින් මහින්ද රාජපක්ෂට පැමිණිලි ගලා එන්නට පටන් ගෙන තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.

ගොඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමේ මෙරට දේශපාලනයේ විප්ලවීය සන්ධිස්ථානයක් වනු ඇතැයි ද එය මෙරට බහුතර ජනතාව විසින් ඉහළින් පිළිගනු ඇතැයිද රාජපක්ෂවාදී පිරිස් අපේක්ෂාසහගතව සිටියත් එය මාධ්‍ය සංදර්ශනයකින් පමණක් කෙළවර විය.

ld add copy

Connet With Us