subash

subash

ලෝක දේශපාලන ඉතිහාසයේ මෙන්ම, 1917 සමාජවාදී විප්ලවයෙන් පසු රුසියාවේ නව දේශපාලන පරිවර්තනයක් සිදු කළ ව්ලැඩ්මීර් ලෙනින්ගේ දේහය වසර ගණනාවක්‌ තිස්‌සේ සුරක්‍ෂිතව තබා ගැනීමට සම්බන්ධ රහස්‌ රසායනික සංයෝග ගැන හෙළි වී ඇත.

පාකිස්තානයේ ප‍්‍රධාන පෙළේ මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක වූ සබීන් මෙහෙමුඩ් ඊයේ(24) කරච්චි නුවරදී වෙඩි තබා ඝාතනය කර තිබේ. බලූකිස්තාන් ප‍්‍රදේශයේ දේශනයක් පවත්වා ආපසු යමින් සිටියදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇත.

ඉකුත් වසරට සාපේක්‍ෂව මේ වසරේ මුල් මාස තුනේ බදු ආදායම 23.8%කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

ආනයනික ලොකු ලූනු හා අර්තාපල් වල බදු ඊයේ(24) මධ්‍යම රාත්‍රීයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළදමා ති‍බේ.

දූෂිත රාජපක්ෂ පවුලේ සාමාජිකයන් රැසකට එළෙඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලනීපයෙන් නාමයෝජනා නොලැබෙන ලකුණු පහළ වී තිබේ. පරාජිත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ඔහුගේ පුත් නාමල් රාජපක්ෂට හා බැසිල් හා ගෝඨභය සොහොයුරන්ටද මෙලෙස ශ්‍රී ලනීපයෙන් නාමයෝජනා නොලැබෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි. මේ අතර කතානායක චමල් රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සූදානමින් පසුවේ. ඒ වෙනුවෙන් ඔහුගේ පුත් ශෂීන්ද්‍ර රාජපක්ෂට ශ්‍රී ලනිපයෙන් නාම යෝජනා ලැබෙනු ඇති බවත් ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමේ සූදානමිකින් පසුවන බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවීමට විරෝධය පළ කරමින් පැවැති උද්ඝෝෂණයේ දී සුළු ජාතිකයන් නිරූපණය වන තීරු දෙක සහිත කොටස ඉවත් කළ සිංහ ධජයක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (24) උදෑසන පැවැත්වූ මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ ‍කෙළේය.

මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට ඇප ලබා ගැනීම සඳහා මහාධිකරණ විනිසුරුවරයකුට අල්ලසක් ලබා දීම සඳා මේවන විටත් රාජ්‍ය අධිකාරියක සභාපතිත්වය උසුලන නිළධාරියකු දැඩි උත්සහයක් ගනිමින් සිටින බව වාර්තාවේ.

එජාපයෙන් ඉවත්ව මහින්ද රාජපක්ෂයේ දැත් ශක්තිමත් කරන්න ගිය එම ආණ්ඩුවේ සිටි ප්‍රබල ඇමැතිවරයෙකුව අද හෙටම අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතී.  

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යනු දක්ෂ ලේකම්වරයෙක් වුවත් ඔහු ඉතා අදක්ෂ දේශපාලකයෙක් බව ඩිලාන් පෙරේරා මහතා අද මාධ්‍ය හමුවකදී පැවසුවේය.

29 වැනි වරට පැවැත්වෙන අන්තර් පාඨශාලිය ඉංග්‍රීසි නාට්‍ය තරඟාවලියට අප්‍රේල් 28 උදෑසන 10.30 ට ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී පැවැත්වේ.

Connet With Us