හොර එතනෝල් ගෙන්වීම සම්බන්ධයෙන් හා දූෂණ චෝදනා රැසක් එල්ල වී ඇති මේ ඇමැතිවරයාට එරෙහිව නීතිය ක්රීයාත්මක කළ යුතු බව පසුගියදා ජනාධිපතිවරයා හමුවූ ශ්‍රී ලනිපයේ ජේෂ්ඨ මන්ත්‍රී කණ්ඩායමක් අවධාරනය කර තිබේ. කෙසේ නමුත් මේ වන විටත් එම අදාල ඇමැතිවරයාට එරෙහිව පරීක්ෂණ කටයුතු පැවැත්වෙමින් තිබෙන අතර ඒ අනුව නුදුරේම පොලිස් දෙපාර්තමේන්තුව අවශය ක්‍රියාමාර්ග ගනු ඇතැයි ජනාධිපතිවරයා විශ්වාසය පළ කර තිබේ.
මෙම ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම මෙහිදී අවධාරණය කර ඇත්තේ කිසිදු දූෂිතයෙකුට පැනයාමට ඉඩදිය යුතු නැති බවය. දුෂිතයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත හොත් ජනාධිපතිවරයාට එරෙහිව රාජපක්ෂවාදීන් ගෙන යන කුමන්ත්‍රණකරී ව්‍යාපාරයන් අකුලා ගනු ඇති බව ඔවුන්ගේ මතය වී තිබේ. එමෙන්ම ශ්‍රී ලනීප උපදේශිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියද දූෂිතයන්ට එරෙහිව වෙනම මෙහෙයුමක් අරඹා ඇතැයි වාර්තාවේ.