දෙකට ඉරපු ජාතික කොඩියෙන් විලිවහ ගැනීම ගැන ඩලස් සමාව ඉල්ලයි

Published in පුවත්
Saturday, 25 April 2015 08:30

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවට කැඳවීමට විරෝධය පළ කරමින් පැවැති උද්ඝෝෂණයේ දී සුළු ජාතිකයන් නිරූපණය වන තීරු දෙක සහිත කොටස ඉවත් කළ සිංහ ධජයක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (24) උදෑසන පැවැත්වූ මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ ‍කෙළේය.

එය බරපතළ වරදක් යැයි පිළිගන්නා බව කී‍ අලහප්පෙරුම මහතා එම සිද්ධිය නිසා සුළු ජාතීන්ට සිත් රිදීමක් සිදු වූයේ නම් කණගාටුව පළ කරන බවත් යළිත් කිසිදිනෙක එවන් වරදක් සිදු නොවීමට වග බලා ගන්නා බවත් පැවසීය.

රාජපක්ෂ පවුලේ දූෂිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම වලක්වා ලීම සඳහා මෙලෙස අන්තවාදී සිංහල බෞද්ධ කොටස් දිගින් දිගටම ක්‍රියාත්මක වනු දකින්නට ලැබුණු නමුත්
මෙම උද්ඝෝෂණයේදී විකෘති කළ ධජයන් ගෙන විත් ඇත්තේ නොහඳුන කණ්ඩායමක් විසින් බවත් සංවිධායකයන්ගේ කිසිදු සම්බන්ධයක් ඊට නොමැති බවත් ‍ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. රාජපක්ෂ පාලන සමයේදී බොදු බල සේනා වැනි ආගමික ත්‍රස්තසංවිධානවල ක්‍රියාකාරිත්වය ගැනත් ආණ්ඩුව පැවැසූවේ මෙවැනි කතාය. එහෙත් ඒවා රාජපක්ෂවරු විසින් සෘජුව මෙහෙයවූ කල්ලි විය

Last modified on Saturday, 25 April 2015 10:58

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us