subash

subash

ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශයේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවන් සොයා බැලු ත්‍රිපුද්ගල කමිටු වාර්තාව රහස් පොලිසියට භාරදීමට ඇමැති නවීන් දිසානායක මහතා තීරණය කරයි. එම දූෂණ වංචා අපරාධ නීතිය යටතේ ක්‍රියාත්මක වීමට සාක්ෂි සහිත බැවින් නීතිපතිවරයාට හා මුල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයටද යොමු කරන බව ඇමැතිවරයා පැවැසීය.

දින දෙකක් තිස්සේ පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන ඇති 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ තීරණාත්මක දිනය අද (28) වේ.

කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරයකු හා පොලිස් පරීක්ෂක වරයකු පසුගියදා කොල්ලුපිටියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට පැන එහි කළමනාකරුවා හා මිළ අධික රටබීම බෝතල් 16 ‍ක් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගත් බවට චෝදනාවක් එල්ල වී තිබේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ලබන ජූලි මාසයේදී සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් වෙයි . මේ සඳහා එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය හිමිව තිබේ.

රාජපක්ෂ පාලන සමයේදී ජිවිත ආරක්ෂාව සඳහා නේපාලයට පලාගොස් එහිදී දේශපාලන රැකවරණ ලබාගෙන සිටි ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුගේ ජීවිතය අනතුරට ලක්ව ඇත.

ශ්‍රී ලංකා වරාය බාරේ දැනට මාස 18ක් පුරා රඳවාගෙන තිබෙන රුසියානු ගවේෂණ යාත්‍රාවේ සිටින රුසියානුවන් 14 දෙනෙක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිල්ලක් පිලිබඳ බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. ‘Akademik Nikolay Strakhov’ නම් මෙම නෞකාව රුසියාවේ භූ විද්‍යාව පිළිබඳ විද්‍යා ආයතනයට අයත් වූවකි.

අධිකරණයේ ස්වාධීනත්වය ස්ථාපිත වීම, පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම, විගණන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම වැනි කොමිෂන් ස්ථාපිත කිරීම මගින් නිදහස් පාලනයක් ස්ථාපිත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පවසයි.

සුදු වෑන් සංස්කෘතියට බියෙන් නේපාලයට ගොස් සිටින මාධ්‍යවේදීන් ඉදිරි සතිය ඇතුළත මෙරට ගෙන්වීමට කටයුතු කරන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

විදුලි බලය ඉතුරු කරගැනීමට හැකියාව තිබෙන නිසා පැරණි විදුලි බල්බ ඉවතලමින්, පරිසර හිතකාමී විදුලිය ඉතිරිකරන බල්බ භාවිතයට බොහෝ දෙනෙක් පුරුදුව සිටිනවා. එමගින් විදුලි බලය ඉතුරු වෙන බවනම් සත්‍යයක්, නමුත් ඔබ නොදැන සිටියාට එහි සැගවුණු භයානක කමක් පවතිනවා. අලූත් පරම්පරාවේ විදුලිය ඉතිරිකරන විදුලි බල්බ ඉතාමත් විෂ සහිත බව ඔබ දන්නවද?

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත සම්මත  කිරීම සදහා බල කෙරෙන පාගමන අද(27) පැවැත්වුණි. රාජගිරිය ආයුර්වේද වටරවුමේ සිට පාර්ලිමේන්තුව දක්වා පැමිණි මෙම පා ගමන පුරවැසි සංවිධාන එකමුතුවෙන් සංවිධාන කරන ලද්දකි. මෙම පා ගමනට ආගමික නායකයින් දේශපාලන පක්ෂ වල සාමාජිකයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටියේය.

Connet With Us