ක්‍රීඩා-සංචාරක අක්‍රමිකතා වාර්තාව සී.අයි.ඩී.යට

Published in පුවත්
Tuesday, 28 April 2015 07:35

ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශයේ සිදුවී ඇතැයි කියන අක්‍රමිකතාවන් සොයා බැලු ත්‍රිපුද්ගල කමිටු වාර්තාව රහස් පොලිසියට භාරදීමට ඇමැති නවීන් දිසානායක මහතා තීරණය කරයි. එම දූෂණ වංචා අපරාධ නීතිය යටතේ ක්‍රියාත්මක වීමට සාක්ෂි සහිත බැවින් නීතිපතිවරයාට හා මුල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසයටද යොමු කරන බව ඇමැතිවරයා පැවැසීය.

අක්‍රමිකතාවන් අනාවරණය කරගත් පිටු ‍67 කින් යුත් වාර්තාව මාධ්‍යවේදීන් වෙත ලබාදෙමින් ඊයේ (27) ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව පැවැසීය.

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ මීටර් 400 කෘත්‍රිම ධාවන පථය ඉදිකිරීමේදී ගෙවා ඇති රුපියල් මිලියන 108ක මුදල රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් හා එම ක්‍රීඩාංගණයේ වැඩි දියුණු කිරීමකට රුපියල් 5,270,288ක් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමකට පැවැරීමෙන් විෂමාචාරයක් කළ බවට චෝදනාවකි.

ජාත්‍යන්තර ක්‍රිකට් විකාශන අයිතිය සී.එස්.එන්. නාලිකාවට පැවැරීමේදී අමාත්‍ය මණ්ඩල තීරණයන්ට අනුකුල නොවන පරිදි කටයුතු කොට ක්‍රම විරෝධී හා සදාචාර විරෝධී ලෙස කටයුතු කිරීම තවත් චෝදනාවකි. එමෙන්ම පාපන්දු සම්මේලනයේ ලක්ෂ ගණනක දූෂණ හා අක්‍රමිකතා ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ දුෂණ හා අක්‍රමිකතා හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති රෙස්කෝ ආයතනය මඟින් උප කොන්ත්‍රාත්දීමේදී සිදුව ඇතැයි කියන අක්‍රමිකතා ත්‍රිපුද්ගල කමිටුව අනාවරණය කරගෙන ඇත.

සංචාරක ප්‍රදර්ශන පෙළපාලිය නමින් ව්‍යාජ ලිපි ගොනුවක් සකස් කොට පසුගිය වසරේ මැයි දින පෙළපාලියට රුපියල් 12,988,135.06 ක මුදලක්ද දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා සංස්කෘතික ශිල්ප ආයතන බලගැන්වීම යනුවෙන් ව්‍යාජ ලිපි ගොනුවක් සකසා මැයි දින පෙළපාලියේ නර්තන ශිල්පීන්ට රුපියල් 3,939500ක මුදලක්ද කොඩි බෙදා හැරීම හා ටීෂර්ට් මුද්‍රණයට තවත් රුපියල් 4,081,222.40 ක මුදලක් පොදු දේපළ අවභාවිතා කොට ඇති බවට නිරීක්ෂණය කොට ඇත.

හම්බන්තොට පීකොක් බීච් හෝටලය නවීකරණයේදී ලංකා බැංකුවෙන් ලබාගත් රුපියල් මිලියන 100ක ණය මුදල සඳහා ගෙවිය යුතු මුදලට අමතරව රුපියල් 3,246,268.49 ක මුදලක් ගෙවීම නීත්‍යානුකූල නොවන බවත් අමාත්‍යාංශ උපදෙස්වලට පටහැනි බවත් නිගමනය කොට ඇත.

නැ‍ඟෙනහිර යු‍රෝපීය රටවල සංචාරක ප්‍රවර්ධනය සඳහා ටීෂර්ට් 12,000ක් නිෂ්පාදනය කිරීමට රුපියල් මිලියන 7.8ක් පුද්ගලික ප්‍රචාරක ආයතනයකට ලබාදී ඇති අතර ඒවා විදෙස් රටවලට ලබානොදී ඇතත් අපනයනය කළ බවට කූඨ ලේඛන සකස් කර ඇති බවත් එයට අදාළව විෂමාචාරයක් සිදුකර ඇති බවත් නිගමනය කර ඇත.

තවද දේශීය සංචාරකයින් දැනුවත් කිරී‍මේ වැඩසටහනක් යැයි පවසා ඌව පළාත් සභා මැතිවරණයේ දී ඡන්ද ප්‍රවර්ධන කටයුත්තකට රුපියල් 5,738,075ක් වැයකොට ආයතනයේ අරමුණුවලට පටහැනිව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ කළමනාකාරිත්වය විෂමාචාරයක් සිදුකළ බවටද ත්‍රිපුද්ගල කමිටුව නිගමනය කොට ඇත.

මෙම ත්‍රිපුද්ගල කමිටු සභාපති ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ හිටපු ලේකම් ධර්මගුප්ත දිසානායක මහතා කටයුතු කළ අතර සාමාජිකයින් ලෙස මහා භාණ්ඩාගාරයේ හිටපු නියෝජ්‍ය ලේකම් එන්. පද්මනාදන් පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන ලෙස්ලි හුසේන් මහතා කටයුතු කළහ.

 

- dinamina

Last modified on Tuesday, 28 April 2015 07:46

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us