19 ට මොකද වෙන්නේ ? අද තීරණය වේ.

Published in පුවත්
Tuesday, 28 April 2015 07:21

දින දෙකක් තිස්සේ පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන ඇති 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ තීරණාත්මක දිනය අද (28) වේ.

ඊයේ (27) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අතර එම යෝජනාව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා විසින් ස්ථිර කරනු ලැබීය.

මෙම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රමුඛ දේශපාලන පක්ෂ ගණනාවක් විසින් සංශෝධන ඉදිරිපත් කළ අතර තම සංශෝධන පිළිගන්නේ නැත්නම් ඡන්දය නොදෙන බවට සන්ධානය අභියෝග කර තිබිණි. මේ තත්ත්වය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ පිළිබඳ සාකච්ඡා කර අවසන් නිගමනයකට එළඹීම සඳහා හයදෙනකුගෙන් සමන්විත කමිටුවක් පත්කළේය.

එම කමිටුවට අජිත් පී. පෙරේරා, රවුෆ් හකීම්, එම්. ඒ. සුමන්දිරන්, රජීව විජේසිංහ, ෆයිසර් මුස්තාෆා හා අනුර ප්‍රියදර්ශන යාපා යන මැති ඇමැතිවරුන් පත්වූ අතර කමිටුව ඊයේ රැස්වී සාකච්ඡා කරනු ලැබීය.

මේ අනුව 19 වැනි සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම පටන්ගන්නේ ද, එය සම්මත වන්නේ ද නැද්ද යන්න තීරණය කෙරෙන අභියෝගාත්මක දිනය අද වනු ඇත.

මේ අතර, පක්ෂ නායක රැස්වීමේ අද පෙරවරු 10.00 පැවැත්වීමට නියමිත අතර, දහවල් 12ට දෙවන වර කියවීමේ විවාදය අවසන් කෙරේ. දහවල් ‍12 හේ සිට පස්වරු හය දක්වා කාරක සභා අවස්ථාව වන අතර, එහිදී 19 වන සංශෝධනය පිළිබඳ අවසන් තීරණය එළෙඹ සවස හයට 19 වන සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම සිදු‍කිරීමට නියමිතය.

 

- dinamina

Last modified on Tuesday, 28 April 2015 07:22

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us