පොලීසිය, කැරොකේ වසන්තගේ සුපිරි බොතල් 16ක් උස්සයි

Published in පුවත්
Monday, 27 April 2015 20:45

කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරයකු හා පොලිස් පරීක්ෂක වරයකු පසුගියදා කොල්ලුපිටියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට පැන එහි කළමනාකරුවා හා මිළ අධික රටබීම බෝතල් 16 ‍ක් නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගත් බවට චෝදනාවක් එල්ල වී තිබේ.

සමාජ ශාලාවන් හී මත්ද්‍රව්‍ය අළෙවි කිරීම සම්බන්ධයෙන් වැටලීම සුරාබදු දෙපාර්තමේන්තුව සතු කටයුත්තක් වුවත් එම නිලධාරීන් නොමැතිව පැමිණි පොලීසිය එම සමාජ ශාලාව තුල නියමිත කාලය පසුවී නිතිවිරෝධී ලෙස බීම අළෙවි කළ බවට චෝදනා කර මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත. මෙම සමාජ ශාලාව සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් කැරොකේ වසන්තට අයත් බව කියවෙන අතර මෙලෙස පොලීසිය වටලා ඇත්තේ පොලීසියට කප්පම් දීම ප්‍රතික්ෂේප කිරීම නිසා බව ද පැවැසේ. එම ආරංචි මාර්ග පවසන්නේ පසුගිය කාලයේ පොලීසියේ සිට දේශපාලන ප්‍රධානින් දක්වා කප්පම් ගෙවමින් ව්‍යාපාර කිරීමට සිදුවූවත් වත්මන් පාලනය තුලදී එසේ කිරීමේ අවශ්‍යතාවයක් නැති බවත් මේ නිසා පොලීසියට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බවත්ය.

සාමාන්‍යයෙන් සමාජශාලා සඳහා මත්පැන් විකිණීමේ බලපත්‍ර නිකුත් කෙරෙන්නේ රාත්‍රී 11.00 පසුව ඒ අවසන් කළ යුතු බවට නියෝගයක් සමඟය. නමුත් මෙම සමාජ ශාලාවට නිකුත් කර ඇති බලපත්‍රය අනුව පසුදින පාන්දර 2.00 දක්වා අලෙවි කටයුතු කිරීම අනුමැතිය හිමිව තිබේ. එය මහින්ද විජේසේකර අමාත්‍යවරයකු සිටි අවධියේදී ඔහුගේ සහයෙන් ලබාගත් බලපත්‍රයක් බවද පැවැසේ. පොලීසිය පැමිණ ඇත්තේ රාත්‍රී 12.20 ට පමණය.

Last modified on Monday, 27 April 2015 21:17

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us