subash

subash

වාසුදේව නානායක්කාර සහ විමල් වීරවංශ යන මහත්වරුන් අද (30) අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකුට පහරදීමට තැත් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අද (30)තෙක් රිමාන්ඩ් කළ හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ලබන 13 තෙක් යළි රිමාන්ඩ් කර තිබේ.

උතුරේ අවතැන් ව සිටින සියළු දෙනාම වසරක් තුළ පදිංචි කර අවසන් කෙරෙන බව පුනරුත්ථාපන ,යළි පදිංචි කිරීම සහ හින්දු කටයුතු ඇමති සුවාමිනාතන් පවසයි.

චීනය හැමදාම අලුත් දෙයක් ලෝකෙට එකතු කරනවා. පසුගියදා ලෝකේ දිගම වීදුරු වලින් සැදී ගමන් මාර්ගය නැත්තම් වීදුරු පාලම චීනයේදී සංචාරකයන් සඳහා විවෘත උනා.

වෙලේසුදා නොහොත් සමන්ත කුමාරගේ සහ සිද්ධික් මොහොමඩ් නමැත්තා විසින් පවත්වාගෙන යනු ලැබූ ගිණුම් පිළිබඳ මූල්‍ය ආයතන තුළ සිදුකරනු ලබන පරීක්ෂණවලදී මොවුන් දෙදෙනා බැංකු ගිණුම් 60කට අධික ප්‍රමාණයක් පවත්වාගෙන ගොස් තිබෙන බවට හෙළි වී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

සීගිරියේ කුරුටු ගී වලට හානි කළැයි වරදකාරිය වී දෙවසරක සිරදඬුවම් ලැබ ජනාධිපති සමාව යටතේ නිදහස ලැබුවත් මුදාහැරීමට ලිඛිත නියෝගයක් නොලැබීම හේතුවෙන් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවාගෙන සිටි ද්‍රවිඩ ජාතික සින්නතම්බ් උදයශ්‍රී බන්ධනාගාරයෙන් නිදහස් කර තිබේ.

නේපාල භුමි කම්පාවෙන් විපතට පත් ඈත දුෂ්කර ප්‍රදේශ වල ජනතාව වෙත හදිසි සහනාධාර ලබා දීම ආරම්භ වී තිබේ. මේ අතර අවශ්‍ය සහන සැලසීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 415ක් ලබාදීමට එකසත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇතිබව වාර්තා වේ.

වත්මන් ආණ්ඩුවට කටයුතු කළ හැක්කේ දින සියයක කාලයක් පමණක් බවට ඇතැම් පාර්ශ්ව කියා සිටිය ද එහි කාර්යභාරය දින සියයෙන් අවසන් නොවන බව මුදල් අමත්‍ය රවී කරුණානායක මහතා පවසයි.19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත වීම ඊට කදිම නිදසුනක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ලංකා හොස්පිට්ල්ස් හි නවීකරණය කරන ලද නව පිවිසුම් ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

උතුරේ මාධ්‍යවේදීන්ට සිදුවන මරණ තර්ජන පහරදීම්, හිරිහැර හා බලපෑම් නවතාලීමට කඩිනමින් පියවර ගන්නැයි දෙමළ ජාතික සන්ධානය, මහජන සාමය හා කි‍්‍රස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවල රිමාන්ඩ් ගත කර සිටින දේශපාලන චූදිතයන් දීර්ඝ කාලීනව රැඳී සිටීමෙන් රෝගීන් දැඩි අපහසුතාවන්ට පත්වන බව වාර්තා වේ.

Connet With Us