නේපාලයේ සහනාධාර බෙදීම අවිධිමත්

Published in විදෙස්
Thursday, 30 April 2015 10:30

නේපාල භුමි කම්පාවෙන් විපතට පත් ඈත දුෂ්කර ප්‍රදේශ වල ජනතාව වෙත හදිසි සහනාධාර ලබා දීම ආරම්භ වී තිබේ. මේ අතර අවශ්‍ය සහන සැලසීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 415ක් ලබාදීමට එකසත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇතිබව වාර්තා වේ.

එහෙත් සහනාධාර බෙදා දීම විධිමත් ලෙස කළමනාකරණය කිරීමට අපොහොසත් වීම පිළිබඳව නේපාල රජය දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ.

භුමි කම්පාවෙන් දිවි බේරා ගෙන සතර වෙනි දිනයටත් හිසට සෙවනක් නොමැතිව කත්මන්ඩු නගරයේ සුන් බුන් අතර එළිමහනේ රැය පහන් කරන, දස දහස් ගණනක් පිරිස සහනාධාර බෙදාහැරීමේ අවිධිමත් බව පිලිබඳව කෝපයට පත් ව පොලීසිය සමග ආරවුල් ඇති කර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.

ඈත පළාත්වල සිටින තම නෑ හිතවතුන් වෙත යාමට බස් රථ වලට නැග ගැනීමට උත්සාහ ගන්නා පිරිස් අතර ද පොර බැදීම් හේතුවෙන් ආරවුල් හටගන්නා බව පැවසේ.

මේ වන විට 5000 කට වැඩි පිරිසක් මේ භුමි කම්පාව හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී ඇති අතර තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාවද 10,000 ඉක්මවයි. එකසත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවන්ට අනුව තවත් 70,000කට පමණ නිවාස අහිමි වී ඇත.

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us