ඔවුන් බැලීමට පැමිණෙන ප්‍රභූවරුන් සහ දේශපාලකයන් නිසා සිදු වන පිරිස් අවහිරතාව හා වාහන තදබදය එහිදී විශාල ගැටලුවක්ව ඇති අතර ඒ සඳහා කඩිනම් පියවරක් ගන්නා ලෙස රෝගීන් බැලීමට පැමිණෙන පිරිස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
යහපාලනය ක්‍රියාත්මක වීමත් සමඟ ඉදිරි කාලයේදී දේශපාලකයන් බන්ධනාගාරගත වීම ඉහළ යා හැකි අතර ඔවුන් බන්ධනාගාර රෝහල හරහා ජාතික රෝහල වෙත මාරු කර එවනු ලබයි. ජාතික රෝහලේ සියලුම අංශවල ප්‍රගතිය හා ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී ඉදිරිපත් වූ ගැටලු සොයා බැලීමට ඇමැතිවරයාගේ අවධානය යොමු විය.