එම ගිණුම් ඔවුන්ගේ නම්වලින් සහ ඔවුන්ගේ ඥාතීන්ගේ සහ ළඟම හිතවතුන්ගේ නම්වලින් පවත්වාගෙන ගොස් තිබෙන බවට හෙළිවී ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
බැංකු ගිණුම් පිළිබඳව සොයා බැලීමට මූල්‍ය ආයතන තුළ සිදුකරන පරීක්ෂණ කටයුතු අවසන් වී නොමැති බැවින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සතුව තවත් බැංකු ගිණුම් තිබිය හැකි බවද පැවසුවේය.