subash
නේපාලයේ රැඳි සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද(28) දහවල් දිවයිනට පැමිණියේය. ඒ, ගුවන් හමුදාවට අයත් සී 130 දරණ ගුවන් යානයෙනි. භූ කම්පනයෙන් විපතට පත් නේපාල වැසියන්ට සහන රැගෙන මෙම යානය ඉකුත් ඉරිදා නේපාලය බලා පිටත්ව ගියේය.
මහනුවර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඩී.ජේ කුමාරගේ රුහුණු-කතරගම මහදේවාලයේ 11 වන බස්නායකවරයා ලෙස නිතරඟයෙන් තේරී පත්වී තිබේ.ඔහු ඉන්ධන පිරවුම්හල් හිමියෙකි.
පසුගිය කාලයේ වාර්තාවූ රහසිගත වධ කඳවුරු පිළිබද තොරතුරු ,අගමැති රනිල් විසින් ප්‍රතික්ෂේප කරද්දී , ඊ.පී.ඩී.පී පක්ෂයේ නායක ඩග්ලස් දේවානන්ද විසින් ,උතුරේ රැදවියන් පිලිබදව තොරතුරු ඉල්ලයි.
නේපාලයේ පසුගියදා සිදුවූ භූ කම්පනයෙන් දහස් ගණනක් මිය ගියා. විශාල දේපළ හානියක් සිදු උනා. තවමත් සුන්බුන් අතර සිරවී සිටින්නන් බේරාගැනීම සඳහා සහන සේවා ක්‍රියාත්මකයි.
මිනිසෙකුගේ අකුරු ප්‍රබලතම වන්නේ කොතැනදීද ? මම සිතමි.
මීට වසර 10කට පෙර දිනෙක ධර්මරත්නම් සිවරාම් පැහැරගෙන ගොස් ඇති බවට ආරංචිය ලැබෙනා විට මා සිටියේ සිංහල මහජාති(ක)වාදී වමේ හෙවත් ජවිපෙ ක්‍රියාකාරිකයකු වශයෙනි. අප එවකට දැරූ මතවාදයට සපුරා පටහැණි දේ ලියූ නමුදු ඔහුගේ ලිපි ඉතා ආශාවෙන් මම කියවීමි. හේතුවක් නැතිවම ඒ ලේඛන ශෛලියට මා ආකර්ශනය වී තිබිණි. අපි කලබල වීමු. නොයෙකුත් පාර්ශ්වයක් හරහා විවිධ තොරතුරු ගලා එන්නට විය. මුලින් ම ඉතා පහසු ලෙස මෙයද එල්.ටී.ටී.ඊ. ගිනුමට බැර කෙරිණි. දෑස් බැඳ වෙඩි තබා ඝාතනය කෙරුණු සිරුර පසුදින පාර්ලිමේන්තුව ආසන්නයෙන් හමුවූ පසුව තව දුරටත් සැක කරන්නට ඉඩක් නොතබා ම එය කාගේ කෙරුවාවක්දැයි පසක් කෙරුණි. සැබැවින් ම එය බරපතළ කම්පනයක් විය. ඒ වන තෙක් ද සේයා රුවකින් හෝ නොදුටු මිනිසෙක් උදුරා ගැනීම පිළිබඳ ව වේදනාවට ප්‍රබලතම පහර වැදුනේ සියල්ල අවසනය.
නේපාලයට සිදුවූ භූ කම්පනයෙන් මිලියන අටක පමණ ජනතාවක් විපතට පත්ව ඇතැයි එකසත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මේ අතර භූ කම්පනයෙන් නේපාලය තුල මියගිය සංඛ්‍යාව හාරදහසද ඉක්මවා තිබේ. එකසත් ජාතීන්ගේ සංවිධානය අනාවරණය කරන පරිදි මිලියනයක් පමණ ජනතාවක් ආහාර සහ සෞඛ්‍ය පහසුකම් නොමැති කමින් පීඩා විඳියි.
මන්නාරම සහ වවුනියාව ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සිව් දෙනෙකුට කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කරන ලෙස දන්වා තිබේ. වවුනියාව හා මන්නාරමේ පොලිස් ස්ථාන හරහා අදාළ මාධ්‍යවේදීන් වෙත දන්වා ඇත්තේ අඟහරුවාදා (28) දිනයේ දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස ය. එහෙත් ප්‍රකාශ ලබා දිය යුත්තේ කිනම් හේතුවක් නිසාද යන්න ඔවුන්ට දන්වා නොමැති බව ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය JDS වෙත ප්‍රකාශ කළේය.
නලින් ද සිල්වා මහින්දෝදයෙන් පමණක් සුරාන්තය ලබන්නේ ඇයි?-නිලන්ත ඉලංගමුව
මේ වන විට රටේ උද්ගත වී ඇති දේශපාලන කලබගෑනිය සුළුකොට තැකිය නොහැකිය. යමක් අහිමි වීම නිසා ඇතිවන වේදනාවත්; යමක සම්ප්‍රදායික දූෂිත පැවැත්මට එරෙහිව දේශපාලන බලය දෝලනය වන විට අදාළ දූෂිත සම්ප්‍රදායට පක්ෂපාති පුද්ගලයාට හටගන්නා උමතුවත්; ඇත්ත පෙනී පෙනී තමන්ගේ ස්ව-කුහකත්වය හේතුවෙන් එය බොරුවක් ලෙස දැක, තමන් තරම් කෙරුමන් ලෝකයේ කිසිම තැනක නොමැති බවට දකින මන්ද-බුද්ධික ස්වභාවයත් යන කොන් අතර මෙරට දේශපාලනය මෙන්ම මුළු රටම සිර වී තිබේ. ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ඉතාම ප්‍රවේශමෙන් සහ වඩාත් බුද්ධිමත්ව කළ යුතු ශල්‍යකර්මයේ පරාමිතිය දිවයන්නේද මේ ඔස්සේය. එබැවින් මේ මොහොත අතිශය තීරණාත්මක සහ සංවේදී වේ.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ පසුපස පක්ෂයේ නායක අනුර දිසානායක විසින් ඔත්තුකරුවන් එවා ඇති බව එම පාර්ශ්වය ප්‍රකාශකයෙක් පැවැසීය.
බොඩිගාර්ඩ් ගාව තිබුණේ පිස්තෝලයක් නෙවෙයි වතුර බෝතලයක් - නාමල්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ අඟුණකොළපැලැස්‌ස ශ්‍රීලනිප සමුළුවට තම ආරක්ෂක නිලධාරියා සහභාගී වූයේ වතුර බෝතලක් අතේ තබාගෙන බව හම්බන්තොට දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
