කතරගම නව බස්නායක නිලමේ පත්වෙයි

Published in පුවත්
Tuesday, 28 April 2015 11:40

මහනුවර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ඩී.ජේ කුමාරගේ රුහුණු-කතරගම මහදේවාල‍යේ 11 වන බස්නායකවරයා ලෙස නිතරඟයෙන් තේරී පත්වී තිබේ.ඔහු ඉන්ධන පිරවුම්හල් හිමියෙකි.

මෙම දේවාලයේ බස්නායක නිලමේ ධූරය ට අදාළ නිලවරණය අද (28)පැවැත්විණි.

මොණරාගල දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේදී මෙම නිලවරණය පැවැත්වූ අතර අවුරුදු 60ක් වන කුමාරගේ මහතා ඉදිරි වසර 5 සඳහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ වශයෙන් කටයුතු කරනු ඇත.

මීට පෙරාතුව මෙම නිලය දරන ලද්දේ කථානායක චමල් රාජපක්ෂ මහතාගේ පුත් වන ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටි ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාය.

'විහාරගම් හා දේවාල පනත' අනුව දේශපාලනඥයෙකුට බස්නායක නිලමේ ධූරය දැරිය නොහැකි නමුත් රාජපක්ෂ පාලනයේදී මෙම පනත සංශෝධනය කර ඊට ඉඩ ප්‍රස්ථාව සලසාගනු ලැබුවේය.

සබැදි පුවත්


කතරගම බස්නායක නිලමේ 28 වනදා ‍තෝරා ගැනේ

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us