...........................................................................................................................................................................................................................................
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින් 42 ක් අද (28) දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. නේපාලයේ භූමිකම්පාව හේතුවෙන් එරටේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් රැගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සී 130 යානය අද දහවල් 1.30 ට පමණ කටුනායක ගුවන්තොටුපොළට පැමිණීමට නියමිතය.
පසුගියදා මෙරට හමුදා කණ්ඩායමක් රැගෙන නේපාලය බලා පිටත්වූ ගුවන් යානයෙන් මොවුන් රැගෙන එන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
ආහාර, බෙහෙත් ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සහන සේවා නිලධාරීන් කණ්ඩායමක් රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයක් හෙට (29) පෙ.ව. 8.15 ට කටුනායක ගුවන් තොටුපොළින් කත්මන්ඩු නුවර බලා පිටත්ව යාමට නියමිතය.