සමහර සිංහල දේශපාලඥයන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දෙමළ ජාතික සන්ධානයට ලබාදීමට අකමැත්තක් දක්වන බව සෙල්වම් අඩෙයිකලතන් පවසයි.
ඔහුගේ අදහසට අනුව විශේෂයෙන් සිංහල දේශපාලන නායකයෙකු වන මහජන එකසත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන දෙමළ ජාතික සන්ධානයට LTTE සංවිධානයේ හොරණෑව යනුවෙන් චෝදනා එල්ල කිරීමට හේතුව ද එම අකමැත්තයි.