උතුරේ දෙමළ මාධ්‍යවේදීන් කොළඹ අපරාධ කොට්ඨාශයට කැඳවයි

Published in පුවත්
Tuesday, 28 April 2015 10:01

මන්නාරම සහ වවුනියාව ප්‍රදේශයේ මාධ්‍යවේදීන් සිව් දෙනෙකුට කොළඹ අපරාධ කොට්ඨාශයට වාර්තා කරන ලෙස දන්වා තිබේ. වවුනියාව හා මන්නාරමේ පොලිස් ස්ථාන හරහා අදාළ මාධ්‍යවේදීන් වෙත දන්වා ඇත්තේ අඟහරුවාදා (28) දිනයේ දෙමටගොඩ පිහිටි කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස ය. එහෙත් ප්‍රකාශ ලබා දිය යුත්තේ කිනම් හේතුවක් නිසාද යන්න ඔවුන්ට දන්වා නොමැති බව ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය JDS වෙත ප්‍රකාශ කළේය.

මන්නාරමේ ජනමාධ්‍යවේදීන් වන ඇන්තනි තේවරාජන් මාර්ක් (ජාතික රුපවාහිනිය), ජූඩ් පැලිස්ටීස් (ස්වාධීන රුපවාහිනිය), ලැම්බර්ට් රොසයිරෝ (නිදහස් මාධ්‍යවේදී) සහ වව්නියාවේ බීබීසී හා වීරකේසරී මාධ්‍යවේදී පොන්නයියා මානික්කවාසගම්ට කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස දන්වා ඇත.

2009 පළ වූ වාර්තාවක්

මේ අතර මන්නාරමේ තවත් මාධ්‍යවේදියෙකු වන ජේම්ස් ජෝශප් ප්‍රනාන්දු ගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව පොලිසිය ඔහුට දැනුම් දී ඇත. ඔහුට ද කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස කීවද ඒ වන විට ජේම්ස් ජෝශප් යාපනේ සිටින බැවින් යාපන පොලිසියේදී අදාළ ප්‍රකාශය ලබා ගැනීමට ඊයේ (26) දිනයේදී කටයුතු කළ බව ඔහු JDS වෙත ප්‍රකාශ කළේය.

මන්නාරම මාන්තෙයි ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම් පිළිබඳව වීරකේසරී පුවත්පතට 2009 වසරේ ඔහු සැපයු වාර්තාවක් පිළිබඳව මෙහිදී ප්‍රශ්න කර ඇති අතර පොලිසිය විමසා ඇත්තේ අදාළ ලිපිය සකස් කිරීමට ලබා ගත් තොරතුරු මුලාශ්‍ර පිළිබඳව ය. එවකට පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් භාර අමාත්‍යවරයා වු රිෂාඩ් බදුර්දීන් වත්මන් යහපාලන ආණ්ඩුවේද කැබිනට් ඇමති ධුරයක් හොබවයි.☐

© JDS

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us