subash

subash

ලංකාවේ වෙසෙන පාඨකයෝ ස්වතන්ත්‍ර සාහිත්‍යයට වඩා පරිවර්තන සාහිත්‍යයට රුචිකත්වයක් දක්වන බව නොරහසකි. ඉනිඳු සෝවියට් සාහිත්‍යය කෙරෙහි විශේෂිත වූ රුචිකත්වයක් දැක්වූ බව තවත් විශේෂත්වයකි. එම කෘති බොහොමයක් පරිවර්තනය වූයේ මුල් භාෂාවෙන් ම වීම සුවිශේෂය.

ශර්මිලා ෂියාඩ් ,ශ්‍රී ලාංකික කිවිදිය ,විවාද පන්න චරිතයකි . ඇය විසින් රචිත කවි වලින් වැඩියෙන්ම රිදී ඇත්තේ දැඩි මතවාදී මුස්ලිම්වරුන්ටය.

යහපාලන ආණ්ඩුවේ දින 100 අවසානයේ මෛත‍්‍රිපාල සිරිසේන පැවැත්වු, බොහෝ විචාරකයන්ට අනුව ඓතිහාසික කතාවකැයි සැළකෙන දේශනයේදී, ලෝක ඉතිහාසයෙන් උගත හැකි අගනා කරුණු කිහිපයක් ගෙනහැර දක්වන ලදි. රූපවාහිනිය සහ ගුවන් විදුලිය ඔස්සේ විනාඩි 30 ක කාලයක් තුළ දසලක්ෂ සංඛ්‍යාත ජනතාවකට සජීවීව ආමන්ත‍්‍රණය කෙරුණු එම කතාව, ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සිදුවීමක් කෙරෙහි අපේ අවධානය යොමු කැරැවුණි. එනම්, ලක්ෂ සංඛ්‍යාත අප‍්‍රිකා-ඇමරිකානු ජනතාවක් ඓතිහාසික ඇමරිකානු නායක ඒබ‍්‍රහම් ලින්කන් විසින් වහල් භාවයෙන් නිදහස් කරනු ලැබීමේ අවස්ථාවයි. එදා ඇමරිකානු ජනාධිපති ඒබ‍්‍රහම් ලින්කන් මේ වහල් ජනතාව නිදහස් කිරීම අරභයා විවිධ අණපනත් සම්මත කර දුන්නත්, එම වහලූන් අතරින් බොහෝ දෙනෙක් වහල් භාවයේම රැඳී සිටීමට කැමැත්තක් දැක්වු බව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය කතාවේදී පෙන්වා දුනි. එසේ වීමට බලපෑ, එම වහලූන්ගේ සිත්සතන්වල මුල්බැසගෙන තිබූ අදහස් උදහස් කවරේද? අළුතෙන් ලැබෙන නිදහස සහ මානව අයිතිවාසිකම් සමගම, සැපිරිය යුතු වගකීම් සම්භාවරයක වගකීමද බිහි වන්නේය. ඒවා, පවුලේ සහ වැඩපොළේ කටයුතුවලට පමණක් නොව, සමාජ සාධාරණත්වය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය සඳහාද උරදිය යුතු වගකීම්ය.

අ.පො.ස උසස් පෙළට ඇතුලත්වීම සඳහා‍ අ.පො.ස (සා/පෙළ) ගණිතය විෂය සමත්වීම අනිවාර්ය කිරීමට ගෙන ඇති තීරණය නූතන අධ්‍යාපන මනෝ විද්‍යාවට නොගැලපෙන තීන්දුවක් බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා ප්‍රකාශ කර සිටී.

ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් හා ජාත්‍යන්තර සබඳතාවලදී ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුත් වෘත්තීමය නීති සේවා සැපයීමේ ආසියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දියුණු කිරීම සඳහා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අධිකරණ අමාත්‍යාංශය කටයුතු කොට තිබේ.

කුරුණැගල මලියදේව විද්‍යාලයේ සිවු වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නව හැවිරිදි කේ.ටී.යසිරු සන්දීප අනුහස් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැලේසියාවේ ක්වාලම්පූර් නුවර දී මැයි මස 14 සිට 19 දක්වා පැවත්වීමට නියමිත, 16 වන මයිලෝ ජාත්‍යන්තර ආසියාතික කරාතේ තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත.

දෙවැනි ලෝක යුද්ධයේ සැමරුම් ස්මාරකය අභියස හිප් පොප් (hip-hop) නර්තනයක යෙදුනු වීඩියෝවක් හේතුවෙන් නර්තන ශිල්පිනියන් තිදෙනෙකුට රුසියානු අධිකරණය සිර දඬුවම් නියම කර තිබේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදය අද (27) ආරම්භ වූයේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා‍ අදාල පනත 10.11ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය. එහිදී ඔහු පැවසුවේ මෙම පනත ඉදිරිපත් කිරීමට ලැබීම ඓතිහාසික වරප්‍රසාදයක් බවයි.

යුදමය කාලසීමාවේ සිදුවූ අතුරුදන්වීම් පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ ජනපති කොමිසමට සාක්ෂි දුන් පුද්ගලයින්ගෙන් 60%කට ආසන් ප්‍රමාණයක් එල්.ටී.ටී.ඊ, සංවිධානය අදාළ අතුරුදන්වීම් සඳහා වගකිව යුතු බවට සඳහන් කර ඇතැයි කොමිසන් සභාවේ සභාපති ලෙස කටයුතු කළ විශ්‍රාමගත් විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතා කියයි.

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත සම්මත කෙරෙන තුරු සිදුකෙරෙන අඛණ්‌ඩ සත්‍යග්‍රහය සදහා වන පාගමන මේ වන විට පාර්ලිමේන්තු වට රවුමේ පොළිස් මාර්ග බාධකය ඉවත්කරමින් ඉදිරියට ගමන්කරමින් සිටී.

Connet With Us