ගණිතය සමත්වීම අනිවාර්ය කිරීම අධ්‍යාපන මනෝ විද්‍යාවට පටහැනියි-මොහාන් ලාල් ග්‍රේරු(photos)

Published in පුවත්
Monday, 27 April 2015 12:47

අ.පො.ස උසස් පෙළට ඇතුලත්වීම සඳහා‍ අ.පො.ස (සා/පෙළ) ගණිතය විෂය සමත්වීම අනිවාර්ය කිරීමට ගෙන ඇති තීරණය නූතන අධ්‍යාපන මනෝ විද්‍යාවට නොගැලපෙන තීන්දුවක් බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා ප්‍රකාශ කර සිටී.

ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ මොහාන් ලාල් ග්‍රේරු පදනමේ අනුග්‍රහයෙන් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල මඟින් නොමිලේ ආරම්භ කරන ලද මුල් ළමා විය සංවර්ධන අධ්‍යාපන ගුරු පුහුණු ඩිප්ලෝමා පාඨමාලාවෙහි සමාරම්භයට එක් වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ මොහාන් ලාල් ග්‍රේරු මහතා, වර්තමානය වන විට හඳුනාගෙන තිබෙනවා ගණිතයට ඉහළ දක්‍ෂතා දක්වන්නේ 11% ක් වැනි ප්‍රතිශතයක් කියා. ළමයෙකුගේ ගණිත දැනුම ලකුණු පහක් දහයක් වැනි ඉතාම පහල අගයක් ගන්නවා නම් එතන ගැටලුවක් තියෙන්න පුළුවන්, නමුත් ඒ දරුවන්ගේත් විභව්‍ය හඳුනාගත්තොත් ඔහුගේ හැකියාව තුළින් ඉදිරියට යා හැකි මාවතක් පෙන්වා දෙන්න අපට පුළුවන් වෙන්න ඕන.

උපදින ඕනෑම දරුවෙකු තුල ගණිතය හා තර්කනය, වාචසික හා භාෂාමය, කායික සංචලන, දෘශ්‍ය හා අවකාශමය, සංගීතය හා රිද්මයානූකූල, අන්තර් පුද්ගල, පුද්ගල ඇතුලාන්ත, ස්වභාවධර්මය පිළිබඳ, චිත්ත වේග හා සංදෘෂ්ටික ලෙස බුද්ධීන් අඩු වැඩි වශයෙන් පිහිටනවා.

මේවා මනා ලෙස හඳුනාගෙන වත්මන් පරම්පරාවේ ඇති සියලුම හොඳ දේ, ගුණ ධර්ම, ආගම දහම අත්දැකීම් ආදිය ඊලඟ පරම්පරාවට පවරාදී එම පරම්පරාවේ දරුවන් ඇතුලත ඇති විවිධ හැකියා විභවයන්, උද්දීපනය වීම. සංවර්ධනය වී ඔවුන්ගේ නව නිර්මාණ එකතුවෙන් සමාජය සංවර්ධනය කළ හැකි අධ්‍යාපන ක්‍රියාවලියක් ඇති කිරීමයි, රටේ අධ්‍යාප ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් සිඳු කළ යුතු වන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

මෙම අවස්ථාවට මහරගම ජාතික අධ්‍යාපන ආයතනයෙහි ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ජේයෂ්ඨ කථිකාචාර්ය නීතීඥ ග්‍රේෂන් කුලරත්න, ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ සම්බන්ධීකරණ විදුහල්පති කුමාරි ග්‍රේරු පොල්ගොල්ල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ හිටපු උප පීඨාධිපති මාලා ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුලු අධ්‍යාපනඥයින් රැසක් ද මුල් ළමාවිය සංවර්ධන ගුරු පුහුණු පාඨමාලාව හැදෑරීම සඳහා එක්දහස් පන්සීයකට ආසන්න අභ්‍යාසලාභීන් ප්‍රමාණයක් එක්ව සිටියහ.

mohan lalg 2

mohan lalg 1

mohan lalg 4

mohan lalg 3

Last modified on Monday, 27 April 2015 12:47

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us