අධිකරණ අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ස්ථාපිත කරන මෙම මධ්‍යස්ථානය 30දා ප.ව. 3.00ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ දෙවන මහලේදී විවෘත වීමට නියමිතය.
ඒ හරහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළඳ ක්ෂේත්‍රයේ වැඩි වටිනාකමක් හිමිවනු ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.
ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් අත්සන් කිරීමේදී හා ජාත්‍යන්තර සබඳතා කටයුතු වලදී ලෝකයේ වෙළෙඳ සමාගම්වලට බේරුම්කරණ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියකින් නීතිඥ සේවා කටයුතු ලබා දීමට මේ හරහා අවස්ථාවක් හිමිවේ.