විධායක බලතල ඉවත්කරනවාට මම කැමතියි- ජනපති

Published in පුවත්
Monday, 27 April 2015 11:47

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය විවාදය අද (27) ආරම්භ වූයේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා‍ අදාල පනත 10.11ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේය. එහිදී ඔහු පැවසුවේ මෙම පනත ඉදිරිපත් කිරීමට ලැබීම ඓතිහාසික වරප්‍රසාදයක් බවයි.

විධායක ජනාධිපතිධුරයට පත් වූ පුද්ගලයකු වශයෙන්  එහි බලතල ඉවත් කිරීමට කැමති වූ තමා තරම් නම්‍යශීලී වූ තවත් පුද්ගලයකු ඇත්දැයි සිතා ගන්නට නොහැකි බව ජනාධිපතිවරයා පැවසුවේය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.

‘මෙම ඓතිහාසික සංශෝධනය අඟහරුවාදා (28) සම්මත කර ගැනීමට බලාපොරොත්තු වේ. යහපත් හා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සංස්තෘතියක් ඉදිරිපත් කිරීමට මුල් වූ ඩී එස් හා එස්ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක නායකය මහතා ගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියටත් අප ගෙන යා යුතුයි.

විධායක ජනාධිපති ධුරයේ ඇති අසීමිත බලතලවලට ශ්‍රීලනිපය එරෙහි වුණා. 1999 දී එහි අසීමිත බලතල ඉවත් කළ යුතු බව එජාපයත් ප්‍රකාශ කළා. එම අත්තනෝමතික බලතල ඉවත් කිරීමට ඉන් පසු පැවැති ආණ්ඩු නොයෙක් අවස්ථාවල දී කියා සිටියත් එය ඉටුවූයේ නෑ. මහින්ද රාජපක්ෂ පාලනයත් පැහැදිලි ලෙස පැවසුවේ එහි අසීමිත බලතල ඉවත් කළ යුතු බවයි. එහෙයින් ස්වාධීන කොමිෂන් සභා ඇතුළු යහපත් නීති පැනවීමේ අවශ්‍යතාව පාසල් දරුවන් පවා අගය කරනවා.‘

 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පෞද්ගලික මාධ්‍යයට බලපාන පරිදි ඇතුළත් කර තිබූ වගන්ති ජනපතිගේ මැදිහත් වීමෙන් ඉවත් කළ බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේය. 

Last modified on Monday, 27 April 2015 11:58

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us