අතුරුදන්වීම් වලින් වැඩි වගකීම LTTE යට

Published in පුවත්
Monday, 27 April 2015 11:23

යුදමය කාලසීමාවේ සිදුවූ අතුරුදන්වීම් පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ ජනපති කොමිසමට සාක්ෂි දුන් පුද්ගලයින්ගෙන් 60%කට ආසන් ප්‍රමාණයක් එල්.ටී.ටී.ඊ, සංවිධානය අදාළ අතුරුදන්වීම් සඳහා වගකිව යුතු බවට සඳහන් කර ඇතැයි කොමිසන් සභාවේ සභාපති ලෙස කටයුතු කළ විශ්‍රාමගත් විනිසුරු මැක්ස්වෙල් පරණගම මහතා කියයි.

ඉන්දියාවේ ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවයට අදහස් දක්වා සිටින පරණගම මහතා තවදුරටත් සඳහන් කර තිබෙන්නේ අතුරුදන්වීම් වලින් 30%ක් පිළිබඳව ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙතටත්, 10%ක් අනෙකුත් එල්.ටී.ටී.ඊ. නොවන අනෙකුත් ද්‍රවිඩ කණ්ඩායම් වෙතටත් චෝදනා එල්ල වී තිබෙන බවයි.

මෙම කොමිසම හමුවේ උතුරු හා නැගෙනහිර පළාතේ 2500ක් පමණ වූ ජනතාව සාක්ෂි ලබාදී තිබේ. කෙසේ වෙතත් ඉහතකී ප්‍රතිශත දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වන බවත් පරණගම මහතා සඳහන් කරයි. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 85%ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ 80%ක් අතුරුදන්වීම් පිළිබඳව වන වගකීම එල්.ටී.ටී.ඊ. සංවිධානයට බැර කරන විට. යාපනයේ 50%ක් එම සංවිධානයටත් 50%ක් ආරක්ෂක අංශවෙතටත් බැරකර තිබේ.

මෙම කොමිසන් සභා වාර්තාව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගන්වා තිබෙන බවද එම පුවත්සේවය වාර්තා කරයි.

අද

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us