.......................................................................................................................................................................................................................................
19 සම්මත කරනු - පාගමන ඇරඹේ
19 වැනි ව්‍යවස්‌ථා සංශෝධන කෙටුම්පත සම්මත කෙරෙන තුරු සිදුකරෙනෙ අඛණ්‌ඩ සත්‍යග්‍රහය සදහා වන පාගමන මේ වන විට ආම්භවී ඇත.
පසුගිය ඉරිදා සවස පැවැත්වුණු සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ රැස්වීමකදී ගනු ලැබූ තීරණයකට අනුව මෙය පැවැත්වේ.
මෙම සත්‍යග්‍රහයට සෝභිත හිමියන් ඇතුළු භික්‌ෂුන් වහන්සේලා, කතෝලික පියතුමන්, මහජන සංවිධාන, වෘත්තීය සමිති සහ දේශපාලන පක්‍ෂ නියෝජිතයෝ රැසක් මේ සදහා සහභාගිවී සිටී.
මෙම සංවිධාන සියල්ලේම නියෝජිතයෝ මේ වන විට රාජගිරියේ ආයුර්වේද වටරවුම අසලට එක්‌වී එතැන් සිට පාර්ලිමේන්තුව දක්‌වා පා ගමනින් ගොස් එහිදී සත්‍යග්‍රහය ඇරඹීමට නියමිතය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අද(27) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, විවාදයකින් අනතුරුව එය හෙට සම්මත කරගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව වේ.