ආසියාව ජය ගන්න යසිරුට අත දෙන්න

Published in ක්‍රීඩා
Monday, 27 April 2015 12:03

කුරුණැගල මලියදේව විද්‍යාලයේ සිවු වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නව හැවිරිදි කේ.ටී.යසිරු සන්දීප අනුහස් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැලේසියාවේ ක්වාලම්පූර් නුවර දී මැයි මස 14 සිට 19 දක්වා පැවත්වීමට නියමිත, 16 වන මයිලෝ ජාත්‍යන්තර ආසියාතික කරාතේ තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත.

ජාතික මට්ටමින් දක්ෂතා අගයමින් කරන ලද මේ තේරීමේ දී,එම තරගාවලිය නියෝජනය කිරීම සදහා එක් තරගකරුවකුට සියලු වියදම් වෙනුවෙන් රුපියල් 1,20000 ක පමණ මුදලක් වැය වෙන බව ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සංගමය ලිඛිතව දන්වා ඇත.

ස්වයං රැකියාවලින් දිවි ගෙවන අනුහස් ගේ මව්පියන්ට මේ තත්ත්වය නිසා රට දිනා ලෝකය ජය ගැනීමට උත්සාහ දරන මෙම දරුවාගේ ජාත්‍යන්තර කරාටේ සිහිනය සැබෑ කිරීම දුෂ්කර කාර්යයක් වී ඇත. ඒ සඳහා සිය නොමසුරු දායකත්වයෙන් සම්මාදම් වීමට කැමැති අය වේ නම් කුරුණෑගල ලංකා බැංකු ශාඛාවේ ගිණුම් අංක 8214338 (එන්.පී.විමලසූරියආරච්චි) වෙත යොමු කරන මෙන් මාපියෝ කාරුණිකව ඉල්ලා සිටිති.

colombopost

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us