subash
නේපාලයේ අද දහවල් ප‍්‍රබල භූ කම්පනයක් ඇතිව තිබේ. එහි ප‍්‍රබලත්වය රිකටර් මාපාංක ඒකක 7.9ක් ලෙස සටහන්ව ඇත.
ප්‍රාදේශිය සංවර්ධන ව්‍යාපෘති සඳහා ගෙවීම් සම්පූර්ණ කරයි
දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා ක්‍රියාත්මක වූ, මේ දක්වා නිමකර ඇති සංවර්ධන ව්‍යාපෘතිවල ගෙවීම් කටයුතු වෙනුවෙන් තවත් රුපියල් බිලියන 04 ක මුදලක් මුදා හැරේ.
යුද හමුදාව හැර ගිය හමුදා සෙබළ සෙබළියන්ට හමුදාවෙන් නීත්‍යානුකූලව ඉවත්වීම සඳහා ලබාදී තිබූ පොදු සමා කාලය අද (25) දිනයෙන් අවසන්වේ.
වෙලේ සුදා කියන්නේ පසුගිය කාලේ අපේ රටේ ගොඩක් ආන්දෝලනාත්මක සිදුවීම්වලට මුල් වුණ චරිතයක්. කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් විදියට ඔහු පොලිස් අත්අඩංගුවට පත්වුණේ මීට මාස කිහිපයකට කලින්. එදා පටන් ඔහු කරපු විවිධ ප්‍රකාශ නිසා මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය වරින් වර උණුසුම් වුණා. නමුත් දැන් වෙලේ සුදා කියන චරිතය දේශපාලන ලෝකයට පමණක් නොවෙයි කලා ක්ෂේත්‍රයේත් උණුසුම් කරන්න පටන් අරගෙන.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඔහුට උදාවී ඇතැයි කියන සෙනසුරු අපලය දුරුකිරීම සඳහා වූ විශේෂ යාගයක්, හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාට අයත් නුවරඑළියේ රම්බොඩ, තවලම්තැන්නේ, වැවන්ඩම් වතුයායේ පිහිටි හනුමා කෝවිලේ දී අද (25) පෙරවරුවේ පැවැත්වේ.
පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදලින් රුපියල් මිලියන 600 ක් වැය කරමින් සිල් රෙදි බෙදා හැරීමේ දූෂිත ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති ලේකම් එම කොමිසමේ සභාපති ලලිත් වීරතුංග හා කොමිසමේ හිටපු අධ්‍යක්ෂ්‍ය ජනරාල් අනූෂ පැල්පිට අත් අඩංගුවට ගැනීමට නියමිත බව මෙම ඉරිදා රන්දිව පුවත් පත වාර්තා කරයි.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේ අනවසරයෙන් ට්‍රෝලර් යාත්‍රා යොදාගෙන ධීවර කටයුතු වල නිරතවීම වළක්වන අන්දමින් නිතී සංශෝධන ගෙන ඒමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මහතා පවසයි.
කැලණියේ සත්‍යග්‍රහයට පේරාදෙණි ශිෂ්‍ය භික්ෂූන් එක්වෙයි(PHOTOS)
විශ්වවිද්‍යාලවලට භික්ෂූන් බදවා ගැනීම් දැවැන්ත ලෙස කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් ජයවර්ධනපුර කැලණිය විශ්වවිද්‍යාලවල ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට දින 38 ක් ගතවී ඇත.
ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණකුලසූරිය මහතාගේ 17 වන නිර්මාණය වන ගින්දරී චිත්‍රපටයේ මංගල දැක්ම ඊයේ දින 24 රීගල් සිනමාශාලාවේදී පැවැත්විණි. මෙම චිත්‍රපටය බහුභූතයෝ චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස නිර්මාණය වී ඇත.
ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රීඩාවට යහපාලනය හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
