subash

subash

19 වන ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර තිබේ. ඊයේ (23)පස්වරුවේ රැස් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී ඒ සදහා එකගතාව පළවී අැත.

බිඳ වැටී තිබූ විදෙස් සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට හැකි වීම දින සියය තුළ කරනු ලැබූ සාර්ථකම කාර්යය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.ඔහු පෙන්වා දෙන්නේ, තමන් බලයට පැමිණෙන විට විදේශීය රටවල් රැසක් ශ්‍රී ලංකාව කෙරෙහි දැඩි වෛරයෙන් පසුවූ බවයි.

මධ්‍යදරණී මුහුද ඔස්සේ සිදුවන නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම සදහා නව වැඩසටහනක් දියත් කිරීමට යුරෝපා නායකයින් තීරණය කර තිබෙනවා. ඒ අනුව නීතිවිරෝධී සංක්‍රමණික බෝට්ටු සම්බන්ධයෙන් සිදුකරන මෙහෙයුම් දැඩි කිරීමටයි ඔවුන් එකගතාව පළකර ඇත.

19 යනු, ගැලවෙන්ට ඔන්න මෙන්න කියා තියෙන කිරි දතක් වගේදැයි දැන් සිතෙන ගානයි. ඒ තරමට, විපක්ෂයේත්, ආණ්ඩුවේ ඇතැම් කොටස්වලත් විවිධාකාර මුරුගකම්වලට එය මුහුණදෙමින් සිටී. මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක්ද සමග එක විට ගෙන එන්නේ නම් මිස 19 ට ඡන්දය නොදෙමියි කියා පටන් ගත් විපක්ෂයේ විරෝධය, මේ වන විට, මහින්ද රාජපක්ෂගේ දූෂණ ගැන සොයා බැලීමට ගන්නා ප්‍රයත්නයත් 19 ට එරෙහි වීමට හේතුවක් කරගන්නා අදියරට පැමිණ ඇත.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව ඇති චෝදනාවලට නීතිය ක්‍රියාත්මක කිරීමට ගත් උත්සහය පරාජය කිරීම සඳහා මහින්දවාදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නිදිවර්ජිතව විරෝධතාවක්‌ කළ පසුගිය 20 වැනිදා රාත්‍රියේ සභා ගැබ තුළ මත්පැන් පානය කර ඇත්ද යන්න පිළිබඳව පරීක්‍ෂණයක්‌ පැවැත්වීමට ආණ්‌ඩු පක්‍ෂය තීරණය කර ඇත.

මිහින් ලංකා ගුවන් සේවා සමාගම සම්බන්ධයෙන් වූ ගනුදෙනුවක්‌ පිළිබඳව ප්‍රකාශයක්‌ ලබා ගැනීම සඳහා ඊයේ (23 වැනිදා) අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කැඳවූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එම ප්‍රකාශය ලබාදීම සඳහා මාස තුනක කාලයක්‌ ලබාදීමට කොමිසම ඊයේ (23 දා) පියවර ගෙන තිබේ.

හදිසි මහ මැතිවරණයක් සඳහා සූදානම් වන ලෙස දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට මැතිවරණ මහ ලේකම් කාර්යාලය විසින් දැනුම්වත් කර ඇතැයි වාර්තාවේ.

"දැන් සමහරු අහනවා දින 100 තුළ මොනවද කළේ කියලා. දින 100 තුළ බොහෝ දේ කළා. ඇතැම් බොහෝ වටිනා දේවල් භෞතික වශයෙන් ඇහට පේන, අතට හසුවන දේවල් නොවේ" යැයි ජනපතිවරයා පැවසීය.

ඊයේ රාත්‍රී 9.00ට පමණ ජනපතිවරයා ජාතිය ඇමතීම සිදු කළ අතර එහිදී ඔහු මෙම අදහස් පැවැසීය.

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂව අත්ඩංගුවට ගෙන නීතිය හමුවට පත් කිරීම සඳහා හේතු වී ඇත්තේ සමෘද්ධිලාභීන්ගේ අරමුදල් කොල්ල කෑම සම්බන්ධ චෝදනා හේතුවෙනි. පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ලෙස මේ වන විට බැසිල් රාජපක්ෂට එරෙහිව පොලිස් බී වාර්තා 6 ගොනු කොට ඇති අතර තවත් වාර්තා දෙකක ඉදිරිපත් වීමට නියමිතය.

ගෘහස්ථ සේවය සඳහා විදේශ ගතවන ශ්‍රමිකයන් වෙනුවෙන් ලබාදෙන අවම වැටුප ඉහළ නංවා ගැනීමට තීරණය කර ඇත.

Connet With Us