subash

subash

අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ , නිහාල් ජයතිලක, ඒ කේ රණවක යන තිදෙනා කඩුවෙල මහේස්ත්‍රාත්වරයා විසින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම සඳහා නියෝග කිරීමෙන් අනතුරුව වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා ඇත.

මහ බැංකුවේ අධිපතිවරයාව අල්ලස් කොමිසම ඉදිරියට කැඳවා පැය හයක් තිස්සේ ප්‍රශ්න කෙරුණි. තුන් මසක් යන තෙක් රටින් පිටවීම ඔහුට තහනම් කෙරුණි.

ජනවාරි 8 වැනි දා සිට අප ලබා ඇති ප්‍රගතියේ යම් තරමක් එම තනි සිද්ධියෙන් පෙන්නුම් කෙරේ.

කොළඹ,මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ,හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් නිහාල් ජයතිලක,දිවිනැඟුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඒ.කේ රණවක යන මහත්වරුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණුවා තිබේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වත්කම් හා බැරකම් ගැන ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණ තිබේ.

ප්‍රධාන බන්ධනාගාර සහ රීමාන්ඩ් බන්ධනාගාර තුළ සිදුකරන හදිසි සෝදිසි වැටලීම් අඛණ්ඩව සිදුකරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ඉන්දියාවේ විවාහපෙක්ෂිතව පසුවන පිරිමි ජනගහනය කාන්තාවන්ට සාපේක්ෂව ඉහල ගොස් ඇති බව පැවසේ. මේ වනවිට ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්‍ ප්‍රාන්තයේ  ලක්ෂ 59ක් පමණ පිරිමි ප්‍රමාණයකට මනාලියන් නොමැතිව තනිකඩව විසීමට සිදුව තිබේ.

දූෂිතයන්, තක්කඩියන්, ජවාරම්කාරයන් සහ වංචනිකයන් ආරක්ෂා කිරීම සඳහා විපක්ෂය 19 ව්‍යවස්ථා සංශෝධනය ප‍්‍රාණ ඇපයට ගැනීමට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ලබන 27 වෙනිදා සංවිධානය කිරීමට පොදු අපේක්ෂකයා ගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කටයුතු කළ සිවිල් සහ වෘත්තීය සංවිධාන 40ක් තීරණය කර තිබේ.

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් ට එරෙහිව ඇති මූල්‍ය චෝදනා සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂි සන්තකයේ තබාගෙන සිටින ප්‍රබල ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගෙන් එම සාක්ෂි ලබාගැනීම සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් මෙහෙයුමක් දියත්ව පවතී.

Connet With Us