දුරකථන 73ක් බන්ධනාගාර ඇතුළේ

Published in පුවත්
Wednesday, 22 April 2015 15:35

ප්‍රධාන බන්ධනාගාර සහ රීමාන්ඩ් බන්ධනාගාර තුළ සිදුකරන හදිසි සෝදිසි වැටලීම් අඛණ්ඩව සිදුකරන ලෙස අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව සියළුම බන්ධනාගාරවල හදිසි සෝදිසි වැටළීම් අඛණ්ඩව සිදු කරන අතර මේ වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා කාල පරිච්ඡේදයේදී දිවයිනේ ප්‍රධාන බන්ධනාගාර වල සිදු කරන ලද සෝදිසි වැටලීම් වලින් ජංගම දුරකතන 73ක්, සිම්පත් 54ක්, ගංජා ග්‍රෑම් 1ක් හා හෙරෝයින් පැකට් 07ක් සොයාගෙන ඇතැයි බන්ධනාගාර මුලස්ථානය පවසයි.

බන්ධනාගාර තුල සිරඳඩුවම් විඳින රැඳවියන්ගේ සුවදුක් බැලීම සඳහා පැමිණෙන ඇතැම් පුද්ගලයින් විසින් බන්ධනාගාර තුලට ජංගම දුරකතන,සිම්පත් ඇතුළු තහනම් ද්‍රව්‍ය රැගෙන ඒම සඳහා විවිධ උපක්‍රම අනුගමනය කරන බව හෙළීවී ඇතැයිද, එවැනි නීති විරෝධි ක්‍රියාවන් මඟින් බන්ධනාගාර සිරඳඩුවම් විඳින නේවාසිකයින්ගේ මානසික මට්ටම තවදුරටත් බිඳ වැටීමට ඉඩ තිබෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

මෙවැනි අයථා ක්‍රියාවන් සඳහා දායක නොවන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us