19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය භාවිත කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මීට පෙර අවස්ථා කිහිපයකදීද රැස්වී සාකච්ඡා පැවැත්වූයේය.
කෙසේවෙතත් පක්ෂයේ ඇතැම් සාමාජිකයන්ගේ අදහස වූයේ 19 වන සංශෝධනය සමග 20 වන සංශෝධනය එකවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවත් එසේ නොවුනහොත් 19 වන සංශෝධනයට විරුද්ධ වන බවට ඔවුන් ප්‍රකාශ කළේය.20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එයද සම්මත කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට ඊයේ පොරොන්දුවක් ලබාදී අැත.
මීට අමතරව හිටපු ජනාධිපතිවරයා සහ වර්තමාන ජනාධිපතිවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවක් කඩිනමින් සිදුකළ යුතු බවටත් තීරණය කර තිබේ.