වෙලේ සුදා කළුද සුදුද කියලවත් මම දන්නෙ නෑ - උදාරි

Published in අනං මනං
Saturday, 25 April 2015 13:57

වෙලේ සුදා කියන්නේ පසුගිය කාලේ අපේ රටේ ගොඩක් ආන්දෝලනාත්මක සිදුවීම්වලට මුල් වුණ චරිතයක්. කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් විදියට ඔහු පොලිස් අත්අඩංගුවට පත්වුණේ මීට මාස කිහිපයකට කලින්. එදා පටන් ඔහු කරපු විවිධ ප්‍රකාශ නිසා මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය වරින් වර උණුසුම් වුණා. නමුත් දැන් වෙලේ සුදා කියන චරිතය දේශපාලන ලෝකයට පමණක් නොවෙයි කලා ක්ෂේත්‍රයේත් උණුසුම් කරන්න පටන් අරගෙන.

ඔහුගේ ජාවාරම් සඳහා අපේ රටේ ජනප්‍රිය නිළියන් කිහිපදෙනෙකුත් සම්බන්ධ බවට රාවයක් පැතිර යාමත් සමඟ කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු නොසන්සුන් වුණ ආකාරයක් දකින්න ලැබුණා. මුලින්ම මේ පුවත අනාවරණය වුණේ අන්තර්ජාල වෙබ් අඩවියක් හරහා. ඊට පස්සේ අනෙකුත් මාධ්‍ය මගිනුත් මිට සැළකිය යුතු ප්‍රචාරයක් හිමි වුණා. ඒ නිසා අපි කලපනා කළා මේ කතාබහට ලක්වූ නිළියන් කිහිප දෙනෙකුගෙන් මේ සිදුවීම පිළිබඳ ඇත්ත නැත්ත පිළිබඳ විමසීමක් කරන්න.

nadeesha-hemamali1සෙමිණී ඉද්දමල්ගොඩ
ඒ සම්බන්ධව තමයි මේ දිනවල වැඩිපුර කතා වෙන්නෙ. මොකද එකට මගේ නමත් සම්බන්ධ වෙලා තිබුණා. මං හිතන්නේ එතන වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවට වෙලා තියෙන දේම තමයි. ඒවායෙහි මහා මොලකරයෝයි, ඒවාට අදාළ පුද්ගලයන්, ඒවායෙහි ප්‍රතිලාභ ලබපු පුද්ගලයන් ඒ හැමෝම කිසිම කරදරයක් ප්‍රශ්නයක් නැතුව පැත්තකට වෙලා ඉන්නවා. ඒවාට කිසිම සම්බන්ධයක් නැති උත්සාහයෙන් කීයක් හරි හම්බකරගෙන ජීවත් වෙන අපිව එකට සම්බන්ධ කරලා මඩ ගහන කතාව එකට ඍජුවම සම්බන්ධ කණ්ඩායමේ වැඩක් කියන එක පැහැදිලියි. මම කියන්නෙ ඇත්තටම සම්බන්ධවෙලා තියෙනවා නම් යම් කෙනෙක් ඒකට තරාතිරම නොබලා දඬුවම් කළ යුතුයි.

ගයේෂා පෙරේරා
වෙලේ සුදා සම්බන්ධව පැතිරුණු කටකතාව අමූලික බොරුවක් කියල අදාල වාර්තාකරුවා පිළිඅරගෙන තිබුණා. ඒ වාර්තාකරුවා තමන්ට හිතෙන හිතෙන විදියට මිනිසුන්ගේ චරිත ඝාතනය කරලා තියෙන නිසා තමයි අන්තිමට වැරැද්ද පිළිගත්තෙ. අවසානයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශතුමත් පිළිගත්තා කිසිම නිළියක් මේකට සම්බන්ධ නැහැ කියලා. ඊට පස්සේ මේ වාර්තාකරුවා කියන මේ පිස්සා එක එක ආකාරයෙන් කලාකරුවන්ගෙන් සමාව අරගෙන තිබුණා. මෑතකදී මගෙනුත් සමාව ගත්තා. මේක තනිකරම මා දරන දේශපාලන මතයට එරෙහිව මේ මිනිස්සු ගෙනියන කූට ව්‍යාපාරයක් කියලා මට පේනවා. මේ මනුස්සයා තවදුරටත් මෙහෙම පිස්සු නැටුවොත් මේක නීතිය සම්බන්ධ ප්‍රශ්නයක් වෙනවා.

මාධ්‍ය නිදහස රටක තියෙන්න ඕන තමයි. හැබැයි මිනිස්සුන්ගෙ චරිත ඝාතනය කරන්න මාධ්‍ය නිදහසක් රටේ තියෙන්න බැහැ. මේ විදියේ මානසික පිස්සෝ මොනයම් විදියකින් හරි මොන පක්ෂයකින් හරි හසුරවනවානම් මට කියන්න කියන්න තියෙන්නෙ මේක මනුස්සයෙක් මරලා දානවටත් වඩා බරපතළ වරදක්. නමුත් මේකට තවමත් පොලීසිය මැදිහත්වෙලා කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. මම විශ්වාස කරනවා ඉදිරියේදීවත් මේ වාර්තාකරුවට ශ්‍රී ලංකා පොලීසිය මොකක් හරි කරාවි කියලා. මොකද කලාකරුවන්ගේ චරිත ඝාතනය කරලා මේ කරපු නින්දිත වැඩේ මුළු රටේම කලාකරුවන්ට වැදුණ හෙණ පහරක් හැටියටයි මම දකින්නේ.

නදීෂා හේමමාලි
ඔයා ඇහුවේ අනවශ්‍ය ප්‍රශ්නයක්. කලා කටයුතු පිළිබඳ මගෙන් ඕනෑම ප්‍රශ්නයක් අහන්න මම උත්තර දෙන්නම්. ඒත් ඔය වගේ දේවල්වලට උත්තර දෙන්න මම සුදානම් නැහැ. තරහ වෙන්න එපා.ruwangi1

උදාරි වර්ණකුලසුරිය
වෙලේ සුදාගේ ඒකට සම්බන්ධ කරලා මගේ ෆොටෝ එකක් දාලා තිබුණා මම දැක්කා. ඒ ෆොටෝ එක දාල තිබුනෙ මගෙ ෆෑන් කෙනෙක්. සරසවිය පත්තරේ ගිය ෆොටෝ එකක් තමයි ඔය ආපහු අරන් දාල තියෙන්නෙ. මට බබා හම්බවෙන්නත් කලින් ගත්ත ෆොටෝ එකක් ඕක. ඒ කියන්නෙ මිට අවුරුදු තුනකට හතරකට කලින් ගත්ත එකක්.

ඒක හින්ද මම මේක ගැන කිසිම විදියකට කලබලයට පත්වෙන්නෙ නෑ. මොකද මේ දේවල්වලට මම සම්බන්ධ නැති නිසා. ඇත්තටම වෙලේ සුදා කියන්නෙ කවුද කියලාවත් මම දන්නේ නැහැ. මොන ජාවාරම් කරන, මොනවා කරන මනුස්සයෙක්ද කියලවත් මම දන්නේ නෑ. අඩුම තරමේ එයා සුදු මිනිහෙක්ද කළු මිනිහෙක්ද කියලවත් මම දන්නෙ නෑ. ඒ හින්දා මේ ගැන අදහස් ප්‍රකාශ කරන්න කියලා මගේ ළඟ අදහසක් නෑ. මොකද වෙබ් සයිට්වල බොහොමයක් යන්නෙ බොරු ප්‍රචාරනේ. ඒ හින්දා මම ඒවා ගැන කලබල වෙන්නෙ නෑ.

රුවන්ගි රත්නායක
ඇත්තටම ඔය සිදුවීම සම්බන්ධව මගේ නම ගෑවිලා කියලා මම දැනගෙන හිටියේ නැහැ. මම දන්නේ නැහැ. මේ වෙනකම් කවුරුත් මගෙන් ඒ ගැන ඇහුවෙත් නෑ. කවුරුත් කීවෙත් නෑ. ඇයි එහෙම කතාවකට මාව පටලවා ගත්තෙ කියන එක මට ලොකු ප්‍රශ්නයක්. එහෙම සිදුවීමක්‍ වෙබ් එකේ තියේනම් මට කරුණාකරලා කියනවද ඒ මොන සයිට් එකේද කියලා. මොකද මේ වගේ දේවලින් වෙන්නෙ අපේ චරිතය ඝාතනය වෙන එකනෙ.

කතාබහ - කසුන් සමරතුංග
උපුටාගැනීම - රන්දිව

Last modified on Saturday, 25 April 2015 13:59

ක්‍රීඩා

Connet With Us