ලලිත් වීරතුංග - අනුෂ පැල්පිට අත් අඩංගුවට !

Published in පුවත්
Saturday, 25 April 2015 12:17

පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිසමේ මුදලින් රුපියල් මිලියන 600 ක් වැය කරමින් සිල් රෙදි බෙදා හැරීමේ දූෂිත ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති ලේකම් එම කොමිසමේ සභාපති ලලිත් වීරතුංග හා කොමිසමේ හිටපු අධ්‍යක්ෂ්‍ය ජනරාල් අනූෂ පැල්පිට අත් අඩංගුවට ගැනීමට නියමිත බව මෙම ඉරිදා රන්දිව පුවත් පත වාර්තා කරයි.

කෙසේ නමුත් මේ මූල්‍ය අක්‍රමිකතාවය පිළිබඳව මුල් වරට හෙළි කරනු ලැබුවේ ලංකා ඩේලි වෙබ් අඩවිය විසින්ය. එමෙන්ම මෙම නිළධාරීන් විසින් කළ තවත් දූෂිත කටයුතු ගනනාවක් ගැනද අප විසින් හෙළි කළෙමු. විශේෂයෙන්ම ජනාධිපතිවරණ ප්‍රතිපළ වෙනස් කිරීමට කළ සැලසුමත් විපක්ෂ අපේක්ෂකයාට එරෙහිව මඩ ගැසීම සඳහා අන්තර්ජාල මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමත් මෙම නිලධාරීන්ගේ මෙහෙයවීම යටතේ සිදු විය. එමෙන්ම නෙළුම් කුලුණ ඉදිකිරීම සම්බන්ධ විශාල කොමිස් ගනුදෙනුවක්ද මෙම නිලධාරීන් මඟින් සිදුව ඇතැයි බරපතල සැකයක් ඇතිව තිබිණි.

සැබැඳි පුවත්:

නෙළුම් කුළුණෙන් ඩොලර් මිලියන 50 ක ලාබයක් අනූෂ පැල්පිටට !

ඡන්ද ප්‍රතිපළ වෙනස් කරන්න ගත් පරිගණක 40 පන්නයි.



 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us