මාස 18 ක් තිස්සේ රුසියානුවන් 14ක් කොළඹ වරායේ හිරබත් කති

Published in පුවත්
Monday, 27 April 2015 16:05

ශ්‍රී ලංකා වරාය බාරේ දැනට මාස 18ක් පුරා රඳවාගෙන තිබෙන රුසියානු ගවේෂණ යාත්‍රාවේ සිටින රුසියානුවන් 14 දෙනෙක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පැමිණිල්ලක් පිලිබඳ බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ. ‘Akademik Nikolay Strakhov’ නම් මෙම නෞකාව රුසියාවේ භූ විද්‍යාව පිළිබඳ විද්‍යා ආයතනයට අයත් වූවකි.

ශ්‍රී ලංකාවේ වෙළඳ නාවික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අජිත් සෙනවිරත්න මහතා පවසන්නේ මෙම ගැටළුව දැනටමත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයට ඉදිරිපත් කර ඇතිබව සහ එය ඉතා ඉක්මනින් විසඳීමට පියවර ගන්නා බවයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වරාය සහ නාවික අමාත්‍යංශය සමඟද සකච්ඡා කර ඇති අතර එම නෞකාවේ මෙරට නියෝජිතයින් සමඟ සකච්ඡා සිදුකර මෙය ඉක්මනින් විසඳීමට කටයුතු කරන බව අජිත් සෙනෙවිරත්න මහතා පවසයි.

මීට අමතරව රුසියානු නාවික කටයුතු පිළිබඳ අධිකාරියද ජාත්‍යන්තර ප්‍රවාහන සේවකයන්ගේ සම්මේලනය (ITF) හරහා මෙම ගැටලුවට මැදිහත්වීමට නියමිත බව පැවසේ.

එසේම රුසියාවේ සාගර විද්‍යා ආයතනය චෝදනා කරන පරිදි මෙම නෞකාවේ අයිතිකරු සහ දේශීය නියෝජිත අතර පවතින මතබේදයක් හේතුවෙන් එහි සේවකයන් මෙලෙස රඳවාගෙන සිටීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. මෙම නෞකාව කොළඹ වරායට පැමිණ ඇත්තේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් සඳහා 2013 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදීයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us