සුදු වෑන් නිසා ලංකාවෙන් ගිය මාධ්‍යවේදීන් ආපසු ගෙන්වනවා-මංගල

Published in පුවත්
Monday, 27 April 2015 14:46

සුදු වෑන් සංස්කෘතියට බියෙන් නේපාලයට ගොස් සිටින මාධ්‍යවේදීන් ඉදිරි සතිය ඇතුළත මෙරට ගෙන්වීමට කටයුතු කරන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (27) පාර්ලිමේන්තුවේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් කළ ප්‍රශ්ණයට පිළිතුරු ලෙසයි.

රටහැර ගිය මාධ්‍යවේදීන් ඔවුන්ගේ ජිවිත ආරක්ෂා සදහා මෙලෙස රට හැර ගොස් ඇති බවත් යහපාලනය යටතේ ඔවුන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන්නේ දැයි විමසා සිටියේය.

එයට පිළීතුරු වශයෙන් අමාත්‍ය සමරවීර මහතා පැවසුවේ පසුගිය ආණ්ඩුව සමයේදී මාධ්‍ය වෙත කල බලපෑම් අනුව හා සුදු වෑන්වලට බියෙන් රට හැර ගිය මාධ්‍යවේදීන් මෙරට හැර ගොස් ඇති බවයි.

ඔවුන් නැවත සිය රටට පැමිණිමට කැමැත්ත පල කළ ඇති බවත් ඔවුන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසිය.

නේපාලයේ, සිටින ශ්‍රී ලංකීක මාධ්‍යවේදීන්මෙරට ගෙන්වා ගැනීමට ප්‍රමාද වුයේ කත්මන්ඩු ගුවන් තොටුපොළේ දී ඇති වු වක් බවත් එසේම ඔවුනට අලුතින් ගුවන් බලපත් නිකුත් කිරීමට තිබූ නිසා බව ඔහු පැවසිය.

එසේම හැකි ඉක්මනින් ඔවුන් ගෙන්වා ගන්නා බවත් විදේශ ඇමැති මංගල සමරවීර මහතා වැඩිදුරටත් පැවසිය.

ලංකා පුවත්

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us