subash

subash

කලා විචාරක මාධ්‍යවේදියෙකු වන නුවන් නයනජිත් මහතා පසුගියදා කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිනමාව පිළිබඳ දර්ශන ශූරි උපාධියකට හිමිකම් කියනු ලැබුවා.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය  සයුරු සමරසුන්දර මහතා අද දින ආයතන පරිශ්‍රයේදී වැඩ බාර ගනු ලැබුවා.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තමා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් නායක ජෙනරල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ලංකා විදුලි පෞද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙස බන්දුල චන්ද්‍රසේකර මහතා පත්ව සිටී. කොළඹ රාජකීය විදුහලේ අධ්‍යාපනය ලද ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිළිබඳ උපාධිධාරියෙකි.

පසුගිය වසර දෙකේදී තමන්ට පදනම් විරහිත චෝදනා ඉදිරිපත් වූ බවත් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් වසර දෙකක් අරගල කළ බවත් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පැවැසුවාය.

බෙහෙත් විසවීම් ඇතුළු නිවසේදී වස විසට ගොදුරු වන්නන් ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ජාතික රෝහලේ විස තොරතුරු මධ්‍යස්ථානයේ ප‍්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා පැවසුවේය.

දිනමිණ පුවත්පතේ වැඩ බලන ප්‍රධාන කර්තෘවරිය ලෙස පුෂ්පා රොවෙල් මහත්මිය ඊයේ (28) වැඩ බාරගත්තාය. ඇය මෙරට දිනපතා ජාතික සිංහල පුවත් පතක කර්තෘ ධුරය ලැබූ පළමු කාන්තාව ලෙස වාර්තා පොතට එක් වන්නීය.

ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය ලබා දීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේම ප්‍රබලයන් කිහිප දෙනෙකු සැලසුම් කරමින් සිටින බව ලංකාඩේලි වෙත වාර්තාවේ.

ස්ත්‍රිය යනු තවත් මනුෂ්‍යයකු නොව හුදෙක් පුරුෂයන්ගේ සියලු ආශාවන් (වෙසෙසින් ම කාමාශාවන්)තෘප්තිමත් කිරීම සඳහා සැදී පැහැදි සිටින මෙවලමක් යැයි පුරුෂයෝ සිතන්නේ නම් එකී පුරුෂයෝ මනුෂ්‍යයෝ නොවෙති. කුහුඹියාගේ සිට ලොව ජීවත්වන සියලු සත්වයෝ කාමාශා ඇත්තෝ බව සැබෑවකි. එහෙත් එය පුරුෂයාට මෙන් ම ගැහැනියට ද පොදු අවශ්‍යතාවක් මෙන් ම අයිතිවාසිකමක් බව ද පුරුෂයෝ පසක් කරගත යුතු ය. එසේ නොවන කල්හි සිදුවන්නේ පාපන්දුවක්, අත් පන්දුවක් හෝ වෙනත් කිසියම් වූ ක්‍රීඩා භාණ්ඩයක් ලෙස ස්ත්‍රිය භාවිතා කිරීම ය; එසේත් නැත්නම් භාවිතා වීම ය. එමෙන් ම පුරුෂයාගේ මෙම හැසිරීම් හේතුකොට ගෙන ම ස්ත්‍රිය ද ඒ සඳහා සැදි පැහැදී නොසිටින්නේ යැයි සහතික විය නොහැකි ය.

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන වලට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබෙන තහනම ඉවත් කිරීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇති බව යුරෝපා සංගමය පවසයි.

Connet With Us