ලංකා විදුලි පෞද්ගලික සමාගමේ නව සභාපති බන්දුල චන්ද්‍රසේකර.

Published in පුවත්
Thursday, 29 January 2015 13:16

ලංකා විදුලි පෞද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙස බන්දුල චන්ද්‍රසේකර මහතා පත්ව සිටී. කොළඹ රාජකීය විදුහලේ අධ්‍යාපනය ලද ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිළිබඳ උපාධිධාරියෙකි.

වසර පහළොහවකට ආසන්න කාලයක් බලශක්ති සේවා සැපයුම් පිළිබඳ විවිධ ව්‍යාපෘතිවල නිරත වී ඇති චන්ද්‍රසේකර මහතා මෙරට මෙන්ම දකුණු ආසියානු කලාපීය බලශක්ති සේවා ක්‍රමවේදයන් පිළිබඳ මනා පුහුණුවක් හා අධ්‍යයනයක යෙදුණු විද්වතෙකි.

පුනර්ජනනීය හා ග්‍රාමීය විකල්ප බලශක්ති සැපයුම් සේවා කෙරෙහි විශේෂ අවධාරණයකින් යුතුව ක්‍රියා කළ හෙතෙම පසුගිය කාලය පුරාම විදුලි පාරිභෝගික අයිතිවාසිකම් මෙන්ම බලශක්ති ක්ෂේත්‍රයේ යහපාලනයක් වෙනුවෙන් පෙරමුණ ගෙන කටයුතු කළේය.

පාරිසරික හා වෘත්තීය අයිතිවාසිකම් ක්ෂේත්‍රයන්හි විවිධ බහුජන සංවිධාන නියෝජනය කරමින් ක්‍රියාකාරීව කටයුතු කර ඇති ඔහු ජාතික විද්වත් සභාවේ කැඳවුම්කරු ලෙස වර්තමානයේ කටයුතු කරයි. සමාජ - දේශපාලන ක්ෂේත්‍රයේ පුළුල් අත්දැකීම් රැසක් ඇති ඒ මහතා ලේඛකයෙකු හා දේශපාලන විශ්ලේෂකයකු ලෙසද ක්‍රියා කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us