මහා මැතිවරණයට ප්රජාතන්ත්රවාදී පක්ෂය තනිව තරඟ කරන බවද ඉන් පසුව අවශ්‍ය වුවහොත් සන්ධානගත වී ආණ්ඩුවට සහාය දක්වන බවද ඔහු පැවැසීය.
ෆොන්සේකා මහතාට අහිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ජයන්ත කැටගොඩ මහතා විසින් ලබා ගත් අතර ඔහු එම දූරය නැවත ෆොන්සේකා මහතාට ලබා දීමට එකඟ වූ නමුත් එය පවතින නීති රාමුව තුළ කළ නොහැක්කක් බව නීති විශාරදයෝ පෙන්වා දුන්හ.