වසර 2ක සටනකින් පසුව දිනුවා - ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක

Published in පුවත්
Thursday, 29 January 2015 13:12

පසුගිය වසර දෙකේදී තමන්ට පදනම් විරහිත චෝදනා ඉදිරිපත් වූ බවත් අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් වසර දෙකක් අරගල කළ බවත් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පැවැසුවාය.

ඊයේ (28දා) අගවිනිසුරුධුරයට පත් ඇය අද (29දා) එම ධුරයෙන් විශ්‍රාම ගත්තාය.
 
නව අගවිනිසුරු ලෙස පත්වීමට නියමිත කේ. ශ්‍රීපවන් මහතාට සුබ පතන බවත් ඇය පැවැසුවාය. 
 
සිය අරගලයේදී තමන් සමග සිටි සියලු දෙනාට ස්තූතිවන්ත වන බවත්, පසුගිය කාලයේදී හිරේ ගියා වැනි පීඩනයකින් සිටි බවත් ඇය පැවැසුවාය.
 
එම කාලය නිමාවූ බවත් සාධාරණය ඉෂ්ඨ වූ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ අධිකරණ විනිසුරුවරු රැසක් හා නීතීඥවරුද අැයගේ විශ්‍රාම ගැනීමේ අවස්ථාවට එක්වූහ. 
 
අද මධ්‍යම රාත්‍රියෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ නව අගවිනිසුරු වශයෙන් කේ. ශ්‍රී පවන් මහතා බලාත්මක වේ.
 
දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරු වන්නේ කේ. ශ්‍රී පවන් මහතායි.
 
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිධුරයේ දිවුරුම් දුන්නේද කේ. ශ්‍රී පවන් මහතා ඉදිරියේය.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us