subash
දැන්වත් දැදුරු ඔය වනසන බැසිල්ගේ ජිෆී ගැන තීරණයක් ගන්නවාද?
පොල්ලෙලි කොහු ආශ්‍රිත ව්‍යාපාරික කර්මාන්ත්‍යායතනයක් වන ජිෆී ප්‍රඩක්ට් ආයතනය විසින් කොබෙයිගනේ,නිකවැරටිය, දැදුරු ඔය ආශ්‍රිතව පවත්වාගෙන යන කාර්මාන්ත ශාලාව හේතුවෙන් එම ප්‍රදෙශයේ දැඩි පාරිසර හානියක් සිදුව තිබෙන බව දිගින් දිගටම හෙලිදරව් කිරීම හා ඊට එරෙහිව උද්ඝෝෂණ සිදු කෙරුණද ඒ පැවැති රජයේ දේශපාලන සම්බන්ධතා මත පවත්වාගෙන ගියේය.
උතුරු මැද නව මහ ඇමැති ලෙස පේෂල ජයරත්න හිටපු පළාත් ඇමැති නව ආණ්ඩුකාර පී බී දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
අධ්‍යාපනයට වාර්ෂිකව වෙන්කරන මුදල දළ ජාතික නිෂ්පාදිතයෙන් 06%ක් දක්වා වැඩිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු සැලසුම් කර ඇත.
ශ්රී ලාංකේය ස්ත්‍රියගේ ජීවිතය පිළිබඳ අපූරු විවරණයක් සහිත කදිම නවකතාවක් කියවන්නට ලැබිණි. ප්‍රබන්ධනයේ නම “නිල්උණ’ ය. ‘නිල් උණ’ පඳුරක් කතාවට සම්බන්ධ බැවින් ඒ නම යොදන්නට ඇතැයි සිතිය හැකි ය. කුමක් වුව මේ කතුවරිය මානව වර්ගයාට මෙන් ම ස්වාභාවික පරිසරයට ද අතිශයින් ම ආදරය කරන බවක් පෙනෙයි. මේ ප්‍රබන්ධයෙහි එන බොහෝ සිදුවීම් සමඟ පරිසරය ද සම්බන්ධ කිරීමට කතුවරිය වග බලා ගනී. ඇතැම්විට ජීවිතය ගැන ගැඹුරු අරුත් හැඟවීමට ද පරිසරය යොදා ගනු ලැබේ. කතුවරිය මානෙල් කරුණාතිලක ය.
බි‍්‍රතාන්‍යයේ විදේශ කටයුතු නියෝජ්‍ය අැමති අද ලංකාවට
බි‍්‍රතාන්‍යයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වේයර් මහතා අද (28) සිව් දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණිමට නියමිතය. ඔහු තම ශ‍්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ප‍්‍රධානීන් හමුවී සාකච්ඡා පවත්වන බව බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍යංශය නිවේදනය කලේය.
රාජ්‍ය ආයතන 300න් 279ක් එජාප ඇමතීන්ට පැවරීම යහපාලනයද?
වත්මන් රජය රටේ තිබෙන රාජ්‍ය ආයතන 300න් 279ක් ම පවරා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඇමැතිවරුන්ට බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අනාවරණය කළේය.
සෝවියට් රුසියානු හමුදා විසින් පෝලන්තයේ අවුශ්විට්ස් වද කඳවුරේ සිටි රැඳවියන් බේරා ගැනීමේ හැත්තෑ වන සංවත්සරය සැමරෙයි.
අගවිනිසුරුවරයා ඉන්නේ 'හූ' කියල එළවනකම්. අද සිට විරෝධතා
වත්මන් අගවිනිසුරුවරයා සිය ධුරයෙන් ගෞරවාන්විතව ඉල්ලා අස්‌වී යා යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.
එය රටත් ජනතාවත් වෙනුවෙන් කරන ඉතා හොඳ ක්‍රියාවක් බවද ඊයේ (27 වැනිදා) කෝට්‌ටේ නාග විහාරස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීහ.
මෛත්‍රිය හා නීතියේ ආධිපත්‍යය එකට පටලවා නොගන්න - හිරුණිකා
මෛත්‍රිය සහ නීතියේ ආධිපතයි එකට පටලවා නොගන්නා ලෙස තමන් ජනාධිපති ප්‍රමුඛ වත්මන් ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින බව බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඊයේ ( 27 වැනිදා) පැවසුවාය.
