අගවිනිසුරුවරයා ඉන්නේ 'හූ' කියල එළවනකම්. අද සිට විරෝධතා Featured

Published in පුවත්
Wednesday, 28 January 2015 08:39

වත්මන් අගවිනිසුරුවරයා සිය ධුරයෙන් ගෞරවාන්විතව ඉල්ලා අස්‌වී යා යුතු බව සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.

එය රටත් ජනතාවත් වෙනුවෙන් කරන ඉතා හොඳ ක්‍රියාවක්‌ බවද ඊයේ (27 වැනිදා) කෝට්‌ටේ නාග විහාරස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීහ.

සාධාරණ සමාජයක්‌ වෙනුවෙන් වසර ගණනාවක්‌ ලොකු අරගලයක්‌ කළ බවත් එහි ප්‍රතිඵලයක්‌ ලෙස අද සියලු පක්‌ෂ හා සංවිධාන එකතුවී රට ගොඩනැගීමට කටයුතු කරමින් සිටින බවත් කීහ.

පසුගිය ආණ්‌ඩුව ගෙනා 18 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය යටපත් කර 17 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව කී උන්වහන්සේ ස්‌වාධීන අධිකරණයක්‌ මගින් අධිකරණය ශුද්ධ වූ තැනක්‌ කිරීම ප්‍රධාන අරමුණක්‌ බවද පැවසූහ. අධිකරණයේ විනාශය රටට බලපාන බවද කීහ.

එදා අධිකරණ ක්‌ෂේත්‍රයට සම්බන්ධ සෑම ආයතනයක්‌ම ජනාධිපති යටතට ගත් බවද එහි සියලු පත්වීම් කරනු ලැබුයේ ජනාධිපතිවරයා අතින් බවද කී සෝභිත හිමියෝ එදා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය එලවපු ආකාරය ඉතා නිsන්දා සහගත යෑයිද කීය.

වත්මන් අගවිනිසුරුවරයා ජනාධිපතිවරණ ප්‍රතිඵල දුන් දින අලුයම අරලියගහ මන්දිරයේ රැඳී සිට ඇති බවට කතාවක්‌ පවතින බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ඔහු දැක ඇති බවටත් වාර්තා වන බව කීහ. ඒ නිසා ගෞරවාන්විතව ඉවත්ව යැම ඔහුගේ යුතුකමක්‌ යෑයි ද කීහ.

එදා ශිරාණි බණ්‌ඩාරනායක මහත්මියව ගල් ගහලා, හූ කියලා, රබන් ගහලා, කිරිබත් කාලා එලෙව්වා වගේ ඔබවත් එලවන කම් නොසිටින ලෙසද එම ක්‍රමය අවසානයේ අගවිනිසුරුවරුන් එලවන සම්ප්‍රදායක්‌ විය හැකි යෑයිද ඒ හිමියෝ කියා සිටියහ.

කෙසේ නමුත් අද සිට අඛන්ඩව කොළඹ අලුත් කඩේ උසාවී සංකීර්නය ඉදිරිපිට අගවිනිසුරුවරයා ඉල්ලා අස්විය යුතු බවට උද්ඝෝෂන පැවැත්වීමට නියමිතව ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us